මාගේ යාච්ඤාවද මා කෙරෙන් තමන් කරුණාවද පහ නොකළාවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා.
මක්නිසාද උන්වහන්සේ විපත් පැමිණි තැනැත්තාගේ විපතට නින්දා නොකළසේක, එය පිළිකුල්කොට නොසිතූසේක; ඔහු කෙරෙන් තමන් මුහුණ සඟවා නොගත්සේක; ඔහු හඬගැසූ කල උන්වහන්සේ ඇසූසේක.
මම වනාහි: ඔබගේ ඇස් හමුයෙන් සිඳිනු ලබමියි ඉක්මන්කමින් කීයෙමි. එහෙත් මා ඔබට මොරගැසූ කල ඔබ මාගේ කන්නලව් ශබ්දය ඇසූසේක.
ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව; ඔබගේ ශුද්ධාත්මය මාගෙන් පහ නොකළ මැනව.
දෙවියන්වහන්ස, ඔබගේ ශුද්ධස්ථානවල සිට ඔබ භයංකරව පෙනෙනසේක. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේම ස්වකීය සෙනඟට ශක්තියත් බලයත් දෙනසේක. දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා.