ඔබ රජහුගේ ආයු වැඩිකරනසේක. ඔහුගේ අවුරුදු බොහෝ පරම්පරා මෙන් වන්නේය.
මාගේ උරුම කොටසත් කුසලාන්කොටසත් ස්වාමීන්වහන්සේය. ඔබ මාගේ කොටස රක්ෂාකරනසේක.
මට මායිම් වුණේ ප්‍රසන්න තැන්වලය; එසේය, මට ප්‍රියකරු උරුමයක් ඇත.
ඔහු ඔබගෙන් ජීවිතය ඉල්ලුවේය; ඔබ ඔහුට සදාකල් පවතින දීර්ඝායුස දුන්සේක.
මක්නිසාද ඔබ සදාකල්ම ඔහු ඉතා ආශීර්වාදලද්දෙක් කරනසේක. ඔබ ඉදිරියෙහිවූ ප්‍රීතියෙන් ඔහු සන්තෝෂකරවනසේක.
එහෙත් උන්වහන්සේ පොඩිකරන්ට ස්වාමීන්වහන්සේ කැමතිව දුකට පත්කළසේක. ඔබ උන්වහන්සේගේ ප්‍රාණය පාප-පූජාවක් කරන විට උන්වහන්සේ තමන්ගේ වංශය දැක තමන් දවස් වැඩිකරනසේක, ස්වාමීන්වහන්සේගේ කැමැත්තද උන්වහන්සේගේ අතෙහි සඵලවන්නේය.