මාගේ දෙවියන්වහන්ස, මාගේ සතුරන්ගෙන් මා මිදුව මැනව. මට විරුද්ධව නැගිටින්නන් කෙරෙන් උස්තැනක මා සිටෙවුව මැනව.
දිළිඳුන්ගෙන් කොල්ලකෑම නිසාද දුප්පතුන්ගේ සුසුම්ලීම නිසාද මම දැන් නැගිට, අපහාසකරනු ලැබූ අය සුරක්ෂිත ලෙස පිහිටුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔබගේ අධික කරුණාවෙන් මාගේ සතුරන් සිඳදමා, මාගේ ආත්මයට පීඩාකරන සියල්ලන් විනාශකළ මැනව; මක්නිසාද මම ඔබගේ මෙහෙකරුයෙමි.
ස්වාමිනි, මාගේ සතුරන්ගෙන් මා ගැළෙවුව මැනව. සැඟවෙන පිණිස ඔබ වෙතට පලාඑමි.
උන්වහන්සේ මාගේ සතුරන්ගෙන් මා මුදාගන්නාසේක. එසේය, මට විරුද්ධව නැගිටින්නන්ට වඩා ඔබ මා උසස්කරනසේක. බලාත්කාරකරන්නාගෙන් මා ගළවාගන්නසේක.
විපත්ති දවසේදී ස්වාමීන්වහන්සේ නුඹට උත්තරදෙනසේක්වා; යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ නාමය නුඹ උසස්කෙරේවා;
දෙවියන්වහන්ස, මට කරුණාකළ මැනව, මට කරුණාකළ මැනව; මක්නිසාද මාගේ ආත්මය ඔබ සරණකොට ගනියි. එසේය, මේ විපත්ති නිමවන තෙක්, ඔබගේ පියාපත් සෙවණ සරණකොට ගන්නෙමි.
බලවන්තයෙනි, සැබවින් නුඹලා යුක්තිය ප්‍රකාශකරවුද? මනුෂ්‍ය පුත්‍රයෙනි, නුඹලා අවංක ලෙස විනිශ්චයකරවුද?
මාගේ දෙවියන්වහන්ස, දුෂ්ටයාගේ අතින්, එනම් අධර්මිෂ්ඨවූ කෲරවූ මනුෂ්‍යයාගේ අතින්, මා මුදාගත මැනව.
ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි.
උසස්ථානවල වාසයකරන්නේය. ඔහුගේ රක්ෂාස්ථානය පර්වත බලකොටුය; ඔහුට කෑම දෙනු ලබන්නේය; ඔහුට වතුර ලැබීම වරදින්නේ නැත.