දියව යන ගොම්බෙල්ලෙකු මෙන්ද, ස්ත්‍රියෙකුගේ හිරු නුදුටු අකාල ගර්භ ඵලය මෙන්ද ඔව්හු පහවෙත්වා.
එකල මා නුවූවාක්මෙන් වෙනවා ඇත; කුසෙන් මිනීවළට ගෙනයනු ලබනවා ඇත.
නොහොත් සඟවනලද ගබ්සාවක් මෙන්ද එළිය නුදුටු ළදරුවන් මෙන්ද මට පැවැත්මක් නොවෙනවා ඇත.
මනුෂ්‍යයෙකුට දාව දරුවන් සියයක් උපන්නත්, ඔහු බොහෝ අවුරුදු ජීවත්වුණත්, ඔහුගේ අවුරුදු ගණන වැඩිවුණත්, ඔහුගේ ප්‍රාණය සැපයෙන් තෘප්තියට පැමිණෙන්නේවත් ඔහුට වැළලීමක් ලැබෙන්නේවත් නැත්නම්, ඔහුට වඩා ගබ්සාවීමක් හොඳයයි කියමි.
අහසත් පොළොවත් පහවන්නේය, නුමුත් මාගේ වචන පහ නොවන්නේය.
ධනවතා තමාගේ පහත්වීම ගැනද පාරට්ටුකෙරේවා. මක්නිසාද ඔහු තණ මලක් මෙන් පහවයන්නේය.