දවස මුළුල්ලේම ඔව්හු මාගේ වචන වරදවා පෙන්වති. ඔවුන්ගේ කල්පනා සියල්ලම මට උපද්‍රව පිණිසය.
එලියා ආහබ්ට පෙනෙන්ට ගියේය. සාගතය සමාරියෙහි බලවත්ව තිබුණේය.
ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය; භය නොවන්නෙමි. මනුෂ්‍යයා මට කුමක් කළ හැක්කේද?
මට වෛරවෙන සියල්ලෝ මට විරුද්ධව එක්ව කොඳුරති. ඔව්හු මට අන්තරායකිරීමට උපා යොදති.
ස්වකීය ධනය විශ්වාසකරන්නාවූ, තමුන්ගේ වස්තු වැඩිකමෙන් අහංකාර වෙන්නාවූ කිසිවෙක්,
එකල ඔව්හු කථාකොට: එන්න, අපි යෙරෙමියාට විරුද්ධව උපා යොදමු; මක්නිසාද පූජකයාගෙන් ව්‍යවස්ථාවවත් ප්‍රඥාවන්තයාගෙන් මන්ත්‍රණයවත් අනාගතවක්තෘගෙන් වචනයක්වත් නැතිව නොයන්නේය. එන්න, අපි ඔහුට දිවෙන් පහරදී, ඔහුගේ කිසිම වචනයකට ඇහුම්කන් නොදී සිටිමුයයි කීවෝය.
එවිට ඵරිසිවරු ගොස්, කථාවෙන් උන්වහන්සේ කෙසේ අසුකරගනිමුදැයි මන්ත්‍රණයකළෝය.
දේවමාළිගාව කඩාදමා ඒක තුන් දවසකින් ගොඩනගන්ට මට පුළුවනැයි මොහු කීයේයයි කීවෝය.
උන්වහන්සේ ලවා බොහෝ දේ ගැන කථාකරවන්ටත් පටන්ගත්තෝය.
යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මේ මාළිගාව කඩාදමන්න, එවිට තුන් දවසකින් එය නැගුටු වන්නෙමියි කීසේක.
එමෙන්ම සියලු ලියුම්වලත් ඔහු මේ දේවල් ගැන කථාකර තිබේ; එහි තේරුම්ගන්ට අමාරු සමහර දේ තිබේ, නූගත් අස්ථිර තැනැත්තෝ අන් ලියවිලිමෙන් තමුන්ගේම විනාශයට ඒවාත් පෙරළති.
සාවුල් දාවිත්ට කථාකොට: මෙන්න, මාගේ වැඩිමහල් දුවවූ මේරබ් නුඹට භාර්යාව කොට දෙන්නෙමි. නුඹ වූකලී මා උදෙසා වික්‍රමාන්විතව ස්වාමීන්වහන්සේගේ යුද්ධයන් කරන්නැයි කීවේය. මක්නිසාද සාවුල්: මාගේ අත නොව පිලිස්තිවරුන්ගේ අත ඔහු පිටට වැටේවයි සිතුවේය.
සාවුල් ඊට ප්‍රසන්නවී කථාකොට: පිලිස්තිවරුන්ගේ අත ඔහු පිටට වැටෙන පරිද්දෙන් ඔහුට ඈ මලපතක් වෙන පිණිස ඈ ඔහුට දෙන්නෙමියි කීවේය. එබැවින් සාවුල් දෙවෙනි වතාවට දාවිත්ට කථාකොට: නුඹ අද මාගේ බෑනාවෙන්ට ඕනෑයයි කීවේය.
ඉන්නිසා සාවුල් තව වඩාත් දාවිත්ට භයවුණේය; සාවුල් නිරන්තරයෙන්ම දාවිත්ට සතුරුව සිටියේය.
එවිට සාවුල් ඔහුට අනින පිණිස ඔහු දෙසට හෙල්ලය වීසිකෙළේය. දාවිත් මරන්ට තමාගේ පියා නියමකරගන සිටින බව එයින් යොනාතාන් දැනගත්තේය.
ඉදින් ඔහු: හොඳයයි කීවොත්, නුඹේ මෙහෙකරුවාවූ මට සමාදානය ලැබෙයි. ඔහු කිපුණොත්, ඔහු විසින් මට නපුරක් නියමකරගන තිබෙන බව දැනගන්න.