බලව, එසේනම් මම ඈත පලාගොස්, වනයෙහි නවාතැන් ගන්නෙමි.
එවිට දාවිත් යෙරුසලමේ තමා සමඟ සිටි තමාගේ සියලු සේවකයන්ට කථාකොට: අපි පිටත්ව පලායමු; නැතහොත් අපෙන් කිසිවෙක් අබ්සලොම්ගෙන් ගැළවෙන්නේ නැත. ඔහු වහාම අප කරා පැමිණ අප පිටට අනතුරු පමුණුවා, කඩුමුවහතින් නුවරට පහරනොදෙන පිණිස, යන්ට ඉක්මන්කරන්නැයි කීවේය.
යෙරෙමියා බෙන්යමින් දේශයේ සෙනඟ අතරේ තමාගේ උරුම කොටස ලබාගන්නා පිණිස යෙරුසලමෙන් පිටත්ව ගියේය.
අහෝ මාගේ දියණිය වන සෙනඟගේ මැරුම්කෑවුන් ගැන රෑ දාවල් අඬන පිණිස මාගේ හිස වතුරද මාගේ ඇස් කඳුළු උල්පතක්ද වුණොත් යෙහෙකි!
අහෝ මාගේ සෙනඟ අත් හැර ඔවුන් වෙතින් යන පිණිස ගමන් කාරයන්ගේ නවාතැනක් කාන්තාරයෙහි මට ඇත්නම්! මක්නිසාද ඔවුන් සියල්ලෝම කාමමිථ්‍යාචාරිකයෝය, ද්‍රෝහිකාරසභාවක්ය.
දාවිත් තමාගේ සිතින් කල්පනාකොට: යම් දවසක සාවුල් අතින් මට මරණය පැමිණෙන්නේය. පිලිස්තිවරුන්ගේ දේශයට ගැළවීයාම මිස වෙන හොඳ විධියක් මට නැත; සාවුල්ද මුළු ඉශ්‍රායෙල් සීමාව තුළේ තවත් මා සෙවීමෙන් මත්තට වලකිනවා ඇත. මෙසේ ඔහුගේ අතින් ගැළවෙන්ට මට පුළුවන්වේයයි කීවේය.