අප විසින් ඇසූ ලෙසම සේනාවල ස්වාමීන්ගේ නුවරදී, අපේ දෙවියන්වහන්සේගේ නුවරදී, දුටිමුව. දෙවියන්වහන්සේ එය සදාකල් පිහිටුවනසේක.
එකල ආහබ්ගේ පුත්‍රවූ අහසියා: මාගේ සේවකයෝ නුඹේ සේවකයන් හා සමඟ නැව්වල යෙත්වයි යෙහෝෂාපාට්ට කීවේය. නුමුත් යෙහෝෂාපාට් කැමති වුණේ නැත.
දෙවියන්වහන්සේ ඒ මැද සිටිනසේක; එය නොසෙල්වන්නේය. දෙවියන්වහන්සේ අලුයම්හිම එයට උපකාරකරනසේක.
එසේය, සියොන් ගැන: ඔහුද මොහුද ඈ තුළ උපන්නේයයි කියනු ලබන්නේය; මහෝත්තමයාණෝම ඈ ස්ථිර කරනසේක.
මතු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවනලදුව හෙල්වලට වඩා උස්වන්නේය; සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය.
ජීවත්ව සිටින්නා–ජීවත්ව සිටින්නාම–අද මා වාගේ ඔබට ස්තුතිකරන්නේය. පියා දරුවන්ට ඔබගේ විශ්වාසකම ගැන දන්වන්නේය.
නුඹේ හබල්කාරයෝ නුඹ මහත් ජලවලට පැමිණෙවුවෝය. පෙරදිග සුළඟින් මුහුද මැදදී නුඹ බිඳුණාය.
නුමුත් මතු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ පිහිටි කන්ද කඳුවල මුදුනේ පිහිටුවනු ලබන්නේය, හෙල්වලට වඩා උසස්වන්නේය; ජනයෝ එය කරා ගලාගන එන්නෝය.
මම ඔබට කියමි: නුඹ පේතෘස්ය, තවද මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි; පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය.