තීර්හි දුව පඬුරක් රැගෙන එන්නීය; සෙනඟ අතරේ ධනවන්තයෝ පවා නුඹෙන් කරුණාව ඉල්ලන්නෝය.
පොළොවේ පුෂ්ටිමත් සියල්ලෝ අනුභවකොට නමස්කාරකරන්නාහුය. ධූලියට බසින්නෝ, එනම් තමුන්ගේ දිවි රැකගත නොහැකි අය, උන්වහන්සේ ඉදිරියෙහි වැඳ වැටෙන්නාහුය.
යෙරුසලමෙහි ඔබගේ මාලිගාව නිසා රජවරු ඔබ වෙතට පඬුරු ගෙනෙන්නෝය.
තර්ෂිෂ් රටේද ද්වීපවලද රජවරු තෑගි ගෙනෙන්නෝය. ෂෙබායේද සෙබායේද රජවරු පඬුරු පුදන්නෝය.
පර්වත විවරවලද උස් කඳුවල රහස් තැන්හිද සිටින මාගේ පරෙවිදෙන, නුඹේ මුහුණ මට දකින්ටත් නුඹේ හඬ අසන්ටත් දෙන්න; මක්නිසාද නුඹේ හඬ මිහිරිය, නුඹේ මුහුණ ශෝභනයයි කීවේය.
මාගේ ප්‍රේමවන්තය, එන්න, අපි ගම් පෙදෙසට ගොස්, ගම්වල නැවතී සිටිමු.
රජවරු නුඹ ඇතිකරන පියවරුද ඔවුන්ගේ බිසෝවරු නුඹේ කිරිමවුවරුද වන්නෝය. ඔව්හු මුහුණින් බිමට නැමී නුඹට වැඳ, නුඹේ පාදවල ධූලි ලෙවකන්නෝය; නුඹද ස්වාමීන්වහන්සේ වන මා කෙරෙහි බලාපොරොත්තු වන අය ලජ්ජාවට නොපැමිණෙන බව දැනගන්නෙහිය.
ජාතීන් නුඹේ ආලෝකයටද රජවරුන් නුඹේ උදාවීමේ දීප්තියටද එනවා ඇත.
ඔව්හු ගෙට වැද, ළදරුවා ස්වකීය මවුවූ මරියා සමඟ සිටිනවා දැක, බිම වැටී උන්වහන්සේට නමස්කාරකොට, තමුන්ගේ කරඬු හැර, රන්ද කට්ටකුමංචල්ද සුවඳලාටුද යන පඬුරු උන්වහන්සේට පිදුවෝය.