මක්නිසාද මාගේ දුන්න විශ්වාස නොකරන්නෙමි, මාගේ කඩුවද මා නොගළවන්නේය.
සමහරු රථ කෙරෙහිද සමහරු අශ්වයන් කෙරෙහිද විශ්වාසකෙරෙති. නුමුත් අපි අපේ දෙවිවූ ස්වාමීන්ගේ නාමය සඳහන්කරන්නෙමුව.
මෝසෙස් තමාගේ අත ඔසවා සිටි විට ඉශ්‍රායෙල්වරු ජයගත්තෝය. ඔහුගේ අත පහත හෙළූවිට අමලෙක්වරු ජයගත්තෝය.
නුමුත් මම යූදා වංශයට අනුකම්පාකොට, ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කරණකොටගෙන ඔවුන් ගළවන්නෙමි, දුන්නවත් කඩුවවත් යුද්ධයවත් අශ්වයන්වත් අසරුවන්වත් කරණකොටගෙන මම ඔවුන් නොගළවන්නෙමියි ඔහුට කීසේක.
ස්වාමීන්වහන්සේ කඩුවෙන් හා හෙල්ලයෙන් නොගළවන බව මේ මුළු සමූහයාත් දැනගන්නවා ඇත. මක්නිසාද යුද්ධය ස්වාමීන්වහන්සේගේය, උන්වහන්සේද නුඹලා අප අතට පාවාදෙනසේකැයි පිලිස්තියයාට කීවේය.