ඔබ අපේ අසල්වාසීන්ට අප නින්දාවක්ද, අප අවට සිටින්නන්ට හෙළාදැක්මක් හා අපහාසයක්ද වෙන්ට සලස්වනසේක.
අපි අපේ අසල්වාසීන්ට නින්දා භූමියක්ද අප අවට සිටින්නන්ට හෙළාදැක්මට හා අපහාසයට කරුණක්ද වී සිටිමුව.
අපේ අසල්වාසීන්ට අප ඩබරයට හේතුවක් වෙන්ට ඔබ සලස්වනසේක; අපේ සතුරෝ ඔවුනොවුන් අතරේ සිනාසෙති.
මග යන සියල්ලෝ ඔහුගෙන් කොල්ලකති. තම අසල්වාසීන්ට ඔහු නින්දා භූමියක්වී සිටී.
ස්වාමිනි, ඔබගේ සතුරෝ නින්දා කළෝය. ඔබගේ අභිෂේකලත් තැනැත්තාගේ පා සලකුණුවලට නින්දාකළෝය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා නිකමට විකුණන ලද්දහුය; මිල නැතුව නුඹලා මුදනු ලබන්නහුය.
එසේය, මා විසින් ඔවුන් පන්නාදමන සියලු ස්ථානවලදී නින්දාවක්ද උපමාවක්ද අපහාස කීමක් සහ ශාපයක්ද වීමටත් ඔවුන් පීඩා විදීමට පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ විසුරුවනු ලැබීමටත් පාවාදෙන්නෙමි.
මක්නිසාද නුඹට ඉශ්‍රායෙල් කවටකමක් වුණා නොවේද? ඔහු සොරුන් අතරේ සම්බවීද? මක්නිසාද නුඹ ඔහු ගැන කථාකරන සෑම විටම නුඹ හිස වනන්නෙහිය.
ස්වාමීන්වහන්සේ නුඹ පමුණුවන්නාවූ සියලු ජනයන් අතුරෙහි නුඹ මවිතයට හේතුවක්ද උපමාවක්ද නින්දා කීමක්ද වන්නෙහිය.