ස්වාමීන්වහන්සේ ඔහු ගිලන්ව ඔත් යහනේදී උසුලනසේක. රෝගයේදී ඔබ ඔහුගේ මුළු යහන සකස්කරනසේක.
ඔහු කථාකොට: නුඹ එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට පණිවිඩකාරයන් ඇරියේ දේව වාක්‍යයෙන් විචාරන්ට ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිකෙනෙක් නැති නිසාද? එබැවින් නුඹ නැගී ඉන්න ඇඳෙන් නොබැස සැබවින්ම මැරෙන්නෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කීවේය.
ඔව්හු: මනුෂ්‍යයෙක් අපේ පෙරමගට ඇවිත්–නුඹලා එවූ රජු ළඟට හැරී ගොස්: නුඹ එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට අරින්නේ ඉශ්‍රායෙල්හි දෙවි කෙනෙක් නැති නිසාද? එබැවින් නුඹ ඉන්න ඇඳෙන් නොබැස සැබවින් මැරෙන්නෙහියයි ස්වාමීන්වහන්සේ වදාරනසේක කියා ඔහුට කියන්නැයි අපට කීවෝය.
මාගේ මාංසයත් සිතත් ක්ෂයවේ. දෙවියන්වහන්සේ මාගේ සිතේ ශක්තියද සදාකාලයට මාගේ කොටසද වනසේක.
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අප විසින් භයවෙන පිණිසත් සෑම කල්ම අපට ශුභසිද්ධවෙන පිණිසත් අද දවසේ මෙන් අප ජීවමානව රක්ෂාකරන පිණිසත් මේ සියලු පනත් ඉෂ්ටකරන්ට ස්වාමීන්වහන්සේ අපට අණකළසේක.