මක්නිසාද මාගේ තුනටිය දැවිල්ලෙන් පිරී තිබේ; මාගේ මාංසයෙහි කිසි නිරෝගි බවක් නැත.
එවිට මම ඉතාමත් භයව රජුට කථාකොට: රජතුමා සදාකල්ම ජීවත්වේවා. මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නුවර පාළුවී, ඒකේ දොරටු ගින්නෙන් දාලා තිබෙද්දී, මාගේ මුහුණ මලානික නොවන්නේ කෙසේදැයි කීමි.
මාගේ රෝගයේ තදකම නිසා මාගේ වස්ත්‍රය දුර්වර්ණවී තිබේ. මාගේ සළුවේ කරපටිය මෙන් එය මා වටේ ඇලී තිබේ.
පණුවන්ගෙන්ද පස්කැටිවලින්ද මාගේ මාංසය වැසී තිබේ; මාගේ හම ඇකිළී වණවී තිබේ.
මක්නිසාද මාගේ දවස් දුම් මෙන් ගෙවීයයි, මාගේ ඇට ගිනිපෙනෙල්ලක් මෙන් දැවෙයි.
නපුරු ලෙඩක් මොහුට වැළදී තිබේ; ඔත්පළව ඉන්න මොහු ආයෙත් නොනැගිටින්නේයයි කියති.
ඔහු ඒ ගෞරවය දෙවියන්වහන්සේට නුදුන් බැවින්, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් එකෙණෙහිම ඔහුට පහරදුන්නේය. ඔහු පණුවන් විසින් කනලදුව මැරුණේය.