මාගේ ගැළවීම වූ ස්වාමිනි, මට උපකාර පිණිස ඉක්මන්වුව මැනව.
ස්වාමිනි, මම ඔබට යාච්ඤාකෙළෙමි; මා ළඟට ඉක්මනින් අව මැනව. ඔබට යාච්ඤාකරන කල මාගේ ශබ්දයට ඇහුම්කන්දුන මැනව.
බොහෝ ගොන්නු මා වටකර සිටිති. බාෂාන්හි සවි ඇති ගොන්නු මා වටලා සිටිති.
ස්වාමීන්වහන්සේ මාගේ ආලෝකයත් ගැළවීමත්ය; මම කාට භයවන්නෙම්ද? ස්වාමීන්වහන්සේ මාගේ ජීවිතයේ ශක්තියය; මම කාට භීතවන්නෙම්ද?
ස්වාමිනි, මා මුදන්ට සතුටුවුව මැනව. ස්වාමිනි, මට උපකාරකරන්ට ඉක්මන්වුව මැනව.
නුමුත් මම දුප්පත්මි, දිළින්දෙමි; එහෙත් ස්වාමීන්වහන්සේ මා සිහි කරනසේක. ඔබ මාගේ උපකාරයය, මාගේ මිදුම්කාරයාණෝය; මාගේ දෙවියන්වහන්ස, පමා නූව මැනව.
මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවය; මම බොහෝසෙයින් නොසෙල්වන්නෙමි.
මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවය; මම නොසෙල්වන්නෙමි.
දෙවියන්වහන්ස, මා මිදුව මැනව; ස්වාමිනි, මට උපකාරකරන්ට ඉක්මන්වුව මැනව.
නුමුත් මම දුප්පත්මි, දිළින්දෙමි; දෙවියන්වහන්ස, මා වෙතට ඉක්මනින් අවමැනව. මාගේ පිහිටත් මිදුම්කාරයාණොත් ඔබය. ස්වාමිනි, පමා නූන මැනව.
දෙවියන්වහන්ස, මා කෙරෙන් දුරුනූව මැනව, මාගේ දෙවියන්වහන්ස, මට උපකාර කරන්ට ඉක්මන්වුව මැනව.
බලව, දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය; මම විශ්වාසකරමි, භය නොවන්නෙමි. මක්නිසාද ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මගේ සවියත් ගීතිකාවත්ය; උන්වහන්සේ මාගේ ගැළවීම වූසේකැයි කියන්නෙහිය.