මා නිශ්ශබ්දව සිටි කල, දවස මුළුල්ලේ හඬා මොරගැසීමෙන් මාගේ ඇට ක්ෂයවිය.
වැලපීමේ කාලය නිමවූ කල දාවිත් තමාගේ ගෙට ඈ ගෙන්වාගත්තේය, ඈ ඔහුගේ භාර්යාව වී ඔහුට පුත්‍රයෙකු බිහිකළාය. නුමුත් දාවිත් කළ ක්‍රියාව ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දුෂ්ටව තිබුණේය.
එසේය, මාගේ කෑම මෙන් මාගේ සුසුම්ලෑම පැමිණෙන්නේය, මාගේ කෙඳිරිගෑමද වතුර මෙන් වැගිරෙන්නේය.
රාත්‍රියේදී මාගේ ඇට මා තුළ සිදුරුවේ; මා විකාකන වේදනාවෝ විශ්‍රාම නොගනිති.
මාගේ හම කළුවී මා කෙරෙන් වැටෙන්නේය, මාගේ ඇට උෂ්ණයෙන් දැවෙන්නේය.
මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද? මට පිහිට නොවී, මාගේ මොරගැසීමේ වචනවලින් මෙසේ දුරුව සිටින්නේ මක්නිසාද?
ඔබගේ උදහස නිසා මාගේ මාංසයෙහි කිසි නිරෝගි බවක් නැත; මාගේ පාපය නිසා මාගේ ඇටවලට කිසි සැපයක් නැත.
මම ක්ලාන්තව බොහෝසෙයින් තැළී සිටිමි. මාගේ සිතේ කැළඹීම නිසා මොර ගෑමි.
ඔබ බින්දාවූ ඇටවලට සැප ලැබෙන පිණිස ප්‍රීති සන්තෝෂය මට ඇසෙන්ට සැලැස්සුව මැනව.
ස්වාමිනි, මම මැලවී සිටිමි; එබැවින් මට කරුණාකළ මැනව. ස්වාමිනි, මාගේ ඇට චලිතව තිබේ; එබැවින් මා සුවකළ මැනව.
තුෂ්ටිමත් සිත හොඳ ඖෂධයකි; නුමුත් බිඳුණු ආත්මය ඇට වියළවයි.
තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.
නුඹේ පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ කෝපය වන නුඹේ දෙවියන්වහන්සේගේ තරවටුකිරීමෙන් පිරී, ක්ලාන්තවී, දැලක අසුවුණ ගෝනෙකු මෙන් සියලු වීථි සන්ධිවල වැටී සිටිති.
ඔහුගේ තණ්හාවේ වරද නිසා මම උදහස්වී ඔහුට පහරදී, සැඟවී උදහස්ව සිටියෙමි. එහෙත් ඔහු හිතුවක්කාරව තමාගේ සිතේ මාර්ගයෙහිම ගියේය.
අපි සියල්ලෝම වලසුන් මෙන් ගොරවමුව, කොබෙයියන් මෙන් කෙඳිරිගාමුව. අපි විනිශ්චය ගැන බලාසිටිමුව, නුමුත් එය එන්නේ නැත; ගැළවීම ගැන බලා සිටිමුව, නුමුත් එය අපෙන් දුරව තිබේ.
පීඩාව නිසාද අධික දාසකම නිසාද යූදා වහල්කමට ගියාය; ඈ මිථ්‍යාදෘෂ්ටි ජාතීන් අතරෙහි වසයි, ඈ කිසි සහනයක් නොලබයි. ඈ පස්සේ එළවාගෙනගිය හැමදෙන කඳු පාරවලදී ඈ අසුකරගත්තෝය.
උන්වහන්සේ මාගේ මාංසයත් හමත් ජරාවට පමුණුවා, මාගේ ඇට බින්දසේක.
එසේය, මා කෑගසා පිහිට ඉල්ලන විට උන්වහන්සේ මාගේ යාච්ඤාව වලක්වනසේක.
ඔව්හු තමුන්ගේ යහන්වලදී කෑගසන විට තමුන්ගේ සිත්වලින් මට මොර නොගැසුවෝය. ඔව්හු ධාන්‍යයද මිදියුසද ගැන රැස්වී, මට විරුද්ධව කැරළිගසති.
එහිදී ඒවා දවා, ඔවුන්ගේ ඇට රැගෙන යාබෙෂ්හි ඒෂෙල් ගසයට වළලා, සත් දවසක් නිරාහාරව සිටියෝය.