දුෂ්ටයාට බොහෝ දුක් පැමිණෙන්නේය. නුමුත් ස්වාමීන් කෙරෙහි විශ්වාස කරන තැනැත්තේ කරුණාවෙන් වටකරනු ලබන්නේය.
දුෂ්ටයන් පිට උන්වහන්සේ මලපත් වස්වනසේක; ගිනිද ගෙන්දගම්ද දවන සුළඟද ඔවුන්ගේ කුසලානට බෙදෙන කොටස වන්නේය.
නපුරුවූ කේලාම්කාර මනුෂ්‍යයා පොළොවෙහි ස්ථිර නොවන්නේය. බලාත්කාරකරන්නා හෙළන පිණිස නපුර ලුහුබඳින්නේය.
යාකොබ්ගේ දෙවියන්වහන්සේ උපකාරකොට ඇත්තාවූ, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි තමාගේ බලාපොරොත්තුව ඇත්තාවූ තැනැත්තේ වාසනාවන්තය.
ස්වාමීන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ටත් තමන්ගේ කරුණාව ගැන බලාසිටින්නන්ටත් ප්‍රසන්නවනසේක.
ස්වාමීන් අත්හැර අන් දෙවිකෙනෙකු පිළිගන්නන්ගේ දුක් බෝවන්නේය. ඔවුන් ලෙයින් කරන පාන පූජා මම පූජා නොකරන්නෙමි, ඔවුන්ගේ නම් මාගේ කටින් නොකියන්නෙමි.
පුත්‍රයාණන් සිඹිව්, නැතහොත් උන්වහන්සේ උදහස්වනසේක, නුඹලාද මාර්ගයේදී විනාශවන්නහුය, මක්නිසාද උන්වහන්සේගේ උදහස වහාම ඇවිලෙන්නේය. උන්වහන්සේ සරණකොට ගන්න සියල්ලෝ ආශීර්වාදලද්දෝය.
ස්වාමීන් යහපත් බව රස බලා දැනගනිව්. උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.
ස්වාමීන් කෙරෙහි විශ්වාසකරන්නෝය. ස්වාමීන් කෙරෙහි විශ්වාසකරන්නාවූ, උඩඟුකාරයන්වත් බොරුවලට හැරෙන්නන්වත් නොසලකන්නාවූ තැනැත්තේ ආශීර්වාදලද්දෙක්ය.
මක්නිසාද ඔබ ධර්මිෂ්ඨයාට ආශීර්වාද කරනසේක; ස්වාමිනි, ඔබ පලිහකින් මෙන් කරුණාවෙන් ඔහු වටකරනසේක.
සේනාවල ස්වාමිනි, ඔබ කෙරෙහි විශ්වාසයකරන මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.
විපත පාපිෂ්ඨයන් ලුහුබඳවා යයි; එහෙත් ධර්මිෂ්ඨයන්ට යහපත විපාකයක් ලෙස ලැබේ.
දේව වචනය සලකන්නාට ශුභසිද්ධ වන්නේය; ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නාද වාසනාවන්තයෙක්ය.
පව්කාරයෙක් සිය වරක් නපුර කර බොහෝකල් ජීවත්වුණත්, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට එනම් උන්වහන්සේ ඉදිරියෙහි භයවෙන්නන්ට යහපත සිද්ධවෙන බව සැබවින් දනිමි.
අහෝ දුෂ්ටයාට දුක් වේ! ඔහුට විපත පැමිණේ. මක්නිසාද ඔහුගේ අත්වල විපාකය ඔහුට ලැබෙන්නේය.
දුෂ්ටයන්ට සමාදානය නැතැයි මාගේ දෙවියන්වහන්සේ කියනසේක.
මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.