කුමටද? මාගේ මහිමය නිශ්ශබ්ද නොවී ඔබට ප්‍රශංසා ගී කියන පිණිසය. මාගේ දෙවිවූ ස්වාමිනි, සදාකල්ම ඔබට ස්තුතිකරන්නෙමි.
එම්බා මාගේ ආත්මය, ඔවුන්ගේ මන්ත්‍රණයට ඇතුල්නොවන්න; මාගේ මහිමය ඔවුන්ගේ සමාගමට එකතුනොවන්න; කුමක්හෙයින්ද ඔවුන්ගේ කෝපයෙන් ඔව්හු මනුෂ්‍යයෙකු මැරුවෝය, ඔවුන්ගේ හිතුවක්කාරකමෙන් ගොනෙකුගේ කුදි කැපුවෝය.
යුදෙව්වරුන්ට එළියද ප්‍රීති සන්තෝෂයද ගෞරවයද ලැබුණේය.
ඒවා ප්‍රීතිමත්වූ, එකිනෙකාට තෑගි කොටස් අරින්නාවූ, දිළිඳුන්ට දන් දෙන්නාවූ මංගල්‍ය දවස් කරගන්ට කියා ඔවුන්ට නියමකෙළේය.
ස්වාමීන්වහන්සේ මට යහපත්කම් කළ නිසා උන්වහන්සේට ගායනාකරන්නෙමි.
සෑමදාම ඔබට ප්‍රශංසාකරන්නෙමි; සදාකාලේටම ඔබගේ නාමය වර්ණනා කරන්නෙමි.
එබැවින් මාගේ සිත සන්තෝෂවේ, මාගේ ගෞරවය ප්‍රීතියෙන් පිනයි. මාගේ මාංසයද සුරැකිව වසන්නේය.
අපි දවස මුළුල්ලේම දෙවියන්වහන්සේ වර්ණනාකෙළෙමුව, ඔබගේ නාමයට සදාකල් ස්තුතිකරන්නෙමුව.
මාගේ ගෞරවය පිබිදෙව; කුඩා වීණාවත් මහ වීණාවත් පිබිදෙව්. මමත් ඉතා අලුයම පුබුදින්නෙමි.
එහෙත් මම නිතරම බලාපොරොත්තු වෙමින් වඩ වඩා ඔබට ප්‍රශංසාකරන්නෙමි.
මා විසින් ඔබට ප්‍රශංසා ගී කියන කල මාගේ තොල්ද ඔබ මිදුවාවූ මාගේ ආත්මයද බොහෝ කොට ප්‍රීතිවන්නේය.
සියොන්හි වැලපෙන්නන් පළඳවමින්, අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද උන්වහන්සේ මා එවූසේක. මෙසේ කළේ ස්වාමීන්වහන්සේට ගෞරව ලැබීමට උන්වහන්සේ විසින් හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය.
උන්වහන්සේ උත්තරදෙමින්: ඔවුන් නිශ්ශබ්දවුණොත්, ගල් මොරගසන්නේයයි නුඹලාට කියමියි කීසේක.
මක්නිසාද අප ඇසූ දුටු දේ ගැන කථානොකර සිටින්ට අපට නුපුළුවනැයි කීවෝය.
ප්‍රශංසාවද තේජසද ප්‍රඥාවද ස්තුතියද ගෞරවයද බලයද පරාක්‍රමයද සදාකාලේටම අපේ දෙවියන්වහන්සේට වේවා. ආමෙන්යයි කීවෝය.