ස්වාමීන්ගේ ශබ්දය ජල මතුයෙහිය මහිමයෙන් යුක්තවූ දෙවියන්වහන්සේ, එනම් ජල රාශි මතුයෙහි වැඩසිටින ස්වාමීන්වහන්සේ ගර්ජනා කරනසේක.
ඒකේ ගර්ජනාව උන්වහන්සේ ගැන දන්වන්නේය, පැමිණෙන කුණාටුව ගවයන්ටද දැනෙන්නේය.
නොහොත් දෙවියන්වහන්සේට වාගේ හස්තයක් නුඹට තිබේද? උන්වහන්සේ වාගේ ශබ්දයකින් ගර්ජනාකරන්ට නුඹට පුළුවන්ද?
ඔබ තමන් උඩුමහල් දිය පිට පිහිටුවනසේක; වලාකුල් ස්වකීය රථය කරගන්නසේක; හුළං නමැති පියාපත් පිට යනසේක.
තුන්වෙනි දින උදය වූ කල ගිගිරුම්ද විදුලිද කන්ද පිට ඝන වලාකුළක්ද ඉතා තද හොරණෑ ශබ්දයක්ද විය; එවිට කඳවුරෙහි සිටිය මුළු සෙනඟ වෙවුලුවෝය.
ස්වාමීන්වහන්සේට කන්නලව් කරන්න; මක්නිසාද මේ මහත් අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාව ඉතින් ඇත; මම නුඹලා තවත් නවත්වා නොගෙන යන්ට හරින්නෙමියි ඔවුන්ට කීය.
මෝසෙස් ඵාරාවෝ කෙරෙන් නුවරින් පිටතට ගොස් ස්වාමීන්වහන්සේ දෙසට තමාගේ අත් දිගුකෙළේය. එවිට අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාවද නැවතුණේය, වර්ෂාවද පොළෝ මතුපිට නොවැස්සේය.
එබැවින් ළඟ සිටියාවූ ඒ ඇසූ සමූහයා: අහස ගෙරෙවුවේයයි කීවෝය. තවත් සමහරෙක්: දේවදූතයෙක් උන්වහන්සේට කථාකළේයයි කීවෝය.
ස්තේපන් කථාකොට කියනුයේ: සහෝදරයෙනි, පියවරුනි, ඇහුම්කන්දෙන්න. අපගේ පියවූ ආබ්‍රහම් හාරන්හි විසීමට පළමුවෙන් මෙසොපොතාමියෙහි සිටි කාලයෙහි මහිමාන්විත දෙවියන්වහන්සේ ඔහුට පෙනී:
එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන්වහන්සේගේ මාළිගාව අරිනලද්දේය. උන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද උන්වහන්සේගේ මාළිගාවෙහි පෙනුණේය; එවිට විදුලිද ශබ්දද ගර්ජනාද භූමිකම්පාවක්ද මහත් ගල්වර්ෂාවක්ද විය.
විදුලිද ශබ්දද ගර්ජනාද විය; මහත් භූමිකම්පාවක්ද විය, පොළොවේ මනුෂ්‍යයන් සිටි දා පටන් එපමණ බලවත්වූ මහත්වූ භූමිකම්පාවක් වුණේ නැත.
එවිට මහත් සමූහයකුගේ හඬ මෙන්ද බොහෝ ජලඝෝෂාවක් මෙන්ද බලවත් ගර්ජනාවල ශබ්දය මෙන්ද හඬක් මට ඇසුණේය. එනම්: සර්වපරාක්‍රමවූ අපගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ රජකම්කරන බැවින්,
සිංහාසනයෙන් විදුලිද ශබ්දද ගර්ජනාද නික්මුණේය. සිංහාසනය ඉදිරියෙහි ගිනි පහන් සතක් දැල්වෙමින් තිබුණේය, ඒවා නම් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් සත්දෙනාය;
දේවදූතයාද දුම් භාජනය රැගෙන පූජාසනයේ ගින්නෙන් ඒක පුරවා, පොළොවට හෙළුවේය. එවිට ගර්ජනාද ශබ්දද විදුලිද පොළෝකම්පාවක්ද විය.
සාමුවෙල් දවන පූජාව ඔප්පුකරන කල්හිම පිලිස්තිවරු ඉශ්‍රායෙල්ට විරුද්ධව සටනට ළංවූහ. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ දවසේ මහත් ශබ්දයකින් පිලිස්තිවරුන් මත්තෙහි ගර්ජනාකොට ඔවුන් විසුරුවා දැමූසේක; ඔව්හු ඉශ්‍රායෙල් ඉදිරියෙහි පැරදුණෝය.