ගොදුරුකමින් ගොරවන සිංහයෙකුමෙන් ඔව්හු මා දෙස බලා කට අරිති.
ඔව්හු මට විරුද්ධව තමුන්ගේ කට අයා, නින්දාකරමින් මාගේ කම්මුලට ගැසුවෝය. ඔව්හු එක්ව මට විරුද්ධව සම්බන්ධ වෙති.
ඔහු ගොදුරට ගිජුවූ සිංහයෙකුටත් රහස් තැන්වල රැකහිඳින තරුණ සිංහයෙකුටත් සමානය.
සිංහයාගේ මුඛයෙන් මා ගැළවුව මැනව; එසේය, වල් ගොනුන්ගේ අං අතරෙහිවූ මට ඔබ උත්තරදුන්සේක.
මා දකින සියල්ලෝම මට කවටකම් කෙරෙති. ඔව්හු තොල් දික්කරමින්, හිස වනමින්:
ස්වාමිනි, ඔබ කොපමණ කල් බලා සිටිනසේක්ද? මාගේ ආත්මය ඔවුන් යොදන විනාශවලින්ද මාගේ ප්‍රිය ප්‍රාණය සිංහයන්ගෙන්ද මුදාගත මැනව.
එසේය, ඔව්හු මට විරුද්ධව කට අයා: ඔහෝ, ඔහෝ, අපේ ඇසින් දුටිමුයයි කීවෝය.
නැතහොත් ගළවන්නෙක් නැති කල්හි ඔහු සිංහයෙකු මෙන් මාගේ ආත්මය කැබලිකොට ඉරාදමන්නේය.
නුඹේ සියලු සතුරෝ නුඹට විරුද්ධව තමුන්ගේ මුඛය විදහා, පරිහාසකොට, දත්මිටිකති; අපි ඈ නටබුන්කෙළෙමුව, සැබවින්ම අප බලා සිටි දවස මේය; අපි ඊට පැමිණ දුටිමුයයි කියති.
අපේ සියලු සතුරෝ අපට විරුද්ධව බොහෝසේ කට ඇරියෝය.
සිහි ඇතිව, අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.