ඔබ ඔවුන්ගේ වංශය පොළොවෙන්ද ඔවුන්ගෙන් පැවත එන්නන් මනුෂ්‍ය පුත්‍රයන් අතරෙන්ද විනාශකරනසේක.
ඒවා අල්ලන මනුෂ්‍යයා යකඩ සහ හෙල්ල මිටක්ද රැගෙන සිටිය යුතුය; ඒවා තිබෙන තැනම මුළුමනින් ගින්නෙන් දවා දමනු ලබන්නේය.
මේ කාරණය වනාහි යෙරොබොවම්ගේ වංශය සිඳ දමා පොළෝතලයෙන් විනාශකිරීමට ඔවුන් කෙරෙහි පාපයක් විය.
ඔහුගේ ගෙයි සම්පත් පහව යන්නේය, උදහස් දවසේදී ඒවා පාවී යන්නේය.
ඔහුගෙන් පැවතඑන්නෝ සිඳදමනු ලබත්වා; එන පරම්පරාවේදී ඔවුන්ගේ නම මැකේවා.
මක්නිසාද ස්වාමීන්වහන්සේ යුක්තියට ප්‍රියවනසේක, ස්වකීය ශුද්ධවන්තයන් අත් නාරිනසේක; ඔව්හු සදාකල් ආරක්ෂාකරනු ලබති. නුමුත් දුෂ්ටයන්ගේ වංශය සිඳිනු ලබන්නේය.
නුඹ නුඹේ දේශය නාස්තිකොට, නුඹේ සෙනඟ මරාදැමූ බැවින්, ඔවුන් සමඟ වළලනු නොලබන්නෙහිය; නපුර කරන්නන්ගේ වංශය කවදාවත් සඳහන්කරනු නොලබන්නේය.
මක්නිසාද උදුනක් මෙන් ඇවිළෙන දවස පැමිණෙන්නේය; එවිට සියලු උඩඟු අයද දුෂ්ටකම්කරන සියල්ලන්ද ඉපනැලි වී, ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවෙන හැටියට, පැමිණෙන ඒ දවසේදී දාලා යනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.