Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගීතාවලිය 20:5

Sinhala Revised Old Version

නුඹේ ගැළවීම ගැන අපි ජය ඝෝෂාකරන්නෙමුව, අපේ දෙවියන්වහන්සේගේ නමින් අපගේ කොඩි නගන්නෙමුව. ස්වාමීන්වහන්සේ නුඹේ සියලු ඉල්ලීම් ඉෂ්ටකරනසේක්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

19 හුවමාරු යොමු  

ප්‍රීතිවීමේ හා ගැළවීමේ ශබ්දය ධර්මිෂ්ඨයන්ගේ කූඩාරම්වලය. ස්වාමීන්ගේ දකුණු හස්තය වික්‍රමාන්විතව ක්‍රියාකරයි.

එහෙත් මම වනාහි ඔබගේ කරුණාව විශ්වාසකෙළෙමි; මාගේ සිත ඔබගේ ගැළවීමෙහි ප්‍රීති වන්නේය.

ඒවායේ මායිම පොළොව මුළුල්ලේද ඒවායේ වචන ලෝකයේ කෙළවර දක්වාද පැතිරගියේය. එහි උන්වහන්සේ සූර්යයාට මණ්ඩපයක් පිහිටෙවුසේක.

ස්වාමිනි, රජතෙම ඔබගේ ශක්තියෙන් ප්‍රීතිවන්නේය; ඔබගේ ගැළවීම කෙරෙහි ඔහු කොපමණ මහත් ලෙස ප්‍රීතිවන්නේද!

මක්නිසාද ඔබ යහපත් වරයන් රැගෙන ඔහු ඉදිරියට එනසේක, ඔහුගේ හිස පිට පවිත්‍ර රන් ඔටුන්නක් තබනසේක.

මාගේ ආත්මය ස්වාමීන් කෙරෙහි සතුටුවන්නේය. උන්වහන්සේගේ ගැළවීම කෙරෙහි ප්‍රීතිවන්නේය.

සත්‍යතාව සඳහා නංවා පෙන්වන පිණිස, ඔබ කෙරෙහි භය ඇත්තන්ට ඔබ ධජයක් දුන්සේක.

ස්වාමිනි, මට කරුණාකළ මැනව; මරණ ද්වාරවලින් මා ඔසවන්නාවූ ඔබ, මට ද්වේෂකරන්නන්ගෙන් මා විඳින පීඩා බැලුව මැනව.

මෝසෙස් පූජාසනයක් ගොඩනගා ඊට යෙහෝවඃ-නිස්සී යන නම තැබීය.

තවද ඒ දවසෙහි ජනයන්ට කොඩියක් ලෙස සිටින්නාවූ, යෙස්සේගේ රිකිල්ලවූ උන්වහන්සේ වෙතට ජාතීහු රැස්වන්නෝය; උන්වහන්සේගේ නිවාසස්ථානයද තේජවත් වන්නේය.

ඒ දවසෙහි මෙසේ කියනු ලබන්නේය: බලව, මේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේ ගැන බලාසිටියෙමුව, උන්වහන්සේ අප ගළවනසේක. මේ තැනන්වහන්සේ ස්වාමීන්වහන්සේය; අපි උන්වහන්සේ ගැන බලාසිටියෙමුව, අපි උන්වහන්සේගේ ගැළවීම ගැන ප්‍රීතිසන්තෝෂවන්නෙමුව.

මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක්මෙන්ද මනමාලි ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළදෙවුසේක, ධර්මිෂ්ඨකම නැමති සළුවද මට පෙරෙවුසේක.

එසේය, සියලු ජනයෝ තම තමුන්ගේ දෙවිවරුන්ගේ නාමයෙන් හැසිරෙන්නෝය, අපිද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සදාකාලයටම හැසිරෙන්නෙමුව.

මම වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙහි සන්තෝෂවන්නෙමි, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වන්නෙමි.

මාගේ ආත්මයද මාගේ ගැළවුම්කාර දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්විය.

එවිට ඒලී උත්තරදෙමින්: සමාදානයෙන් යන්න; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගෙන් නුඹ කළ ඉල්ලීම උන්වහන්සේ නුඹට ඉෂ්ටකරදෙනසේක්වයි කීවේය.

එවිට දාවිත්: තෝ කඩුවක්ද හෙල්ලයක්ද කුඩා හෙල්ලයක්ද රැගෙන මා ළඟට එන්නෙහිය. මම වනාහි තා නින්දාකළ ඉශ්‍රායෙල් සමුදාවල දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමයෙන් තා ළඟට එමි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්