එබැවින් රජදරුවෙනි, දැන් ඥානවත්ව සිටිව්. පොළොවේ විනිශ්චයකාරයෙනි, ගුරුකම් ගනිව්.
තීර්හි දුව පඬුරක් රැගෙන එන්නීය; සෙනඟ අතරේ ධනවන්තයෝ පවා නුඹෙන් කරුණාව ඉල්ලන්නෝය.
රජවරු නුඹ ඇතිකරන පියවරුද ඔවුන්ගේ බිසෝවරු නුඹේ කිරිමවුවරුද වන්නෝය. ඔව්හු මුහුණින් බිමට නැමී නුඹට වැඳ, නුඹේ පාදවල ධූලි ලෙවකන්නෝය; නුඹද ස්වාමීන්වහන්සේ වන මා කෙරෙහි බලාපොරොත්තු වන අය ලජ්ජාවට නොපැමිණෙන බව දැනගන්නෙහිය.
උන්වහන්සේ බොහෝ ජාතීන්ට ඉසිනවා ඇත; රජවරු උන්වහන්සේ නිසා තමුන්ගේ මුඛ වසාගන්නවා ඇත. මක්නිසාද ඔවුන්ට කියා නුදුන් දේ ඔවුන් දකිනවා ඇත, ඔවුන් නොඇසූ දේ තේරුම්ගන්නවා ඇත.
ජාතීන් නුඹේ ආලෝකයටද රජවරුන් නුඹේ උදාවීමේ දීප්තියටද එනවා ඇත.
එම්බා යෙරුසලම, මාගේ ආත්මය නුඹෙන් වෙන්වී නොයන පිණිසත් මා විසින් නුඹ පාළුවක්ද වැසියන් නැති දේශයක්ද නොකරන පිණිසත් දැනමිතිකම් ලබන්න.
මේවා තේරුම්ගැනීමට ප්‍රඥාවන්තව, මේවා දැනගැනීමට බුද්ධිමත්ව සිටින්නේ කවුද? මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මාර්ග හරිය, ධර්මිෂ්ඨයෝ එහි ඇවිදින්නෝය; නුමුත් අපරාධකාරයෝ එහිදී වැටෙන්නාහුය.
රජවූ සේනාවල ස්වාමීන්වහන්සේට නමස්කාරකරන පිණිස පොළොවේ වර්ගයන්ගෙන් යෙරුසලමට නේන අයට වැසිවසින්නේ නැත.