ඔව්හු මා ගැන ඇසූ කෙණෙහිම මට කීකරුවන්නාහුය. විදේශීහු මට යටත්වන්නාහුය.
දාවිත් තමාට එපවත් කී තරුණයාට කථාකොට: නුඹ කොහේ කෙනෙක්දැයි ඇසීය. මම විදේශියෙක්වූ අමලෙක් මනුෂ්‍යයෙකුගේ පුතෙක් වෙමියි ඔහු කීවේය.
ඔබගේ ක්‍රියා කොපමණ භයංකරද! ඔබගේ බලයේ මහත්කම නිසා ඔබගේ සතුරෝ ඔබට යටත්වන්නෝය.
නළාගස් අතරෙහිවූ වල් සතාටද ගොන් සමූහයා සහ වස්සන් වැනි ජනයන්ටද තරවටුකළ මැනව; රිදී මිල සහිතව එකිනෙකා යටත්වේ; යුද්ධයට ප්‍රියවූ මනුෂ්‍ය වර්ගයන් විසරවුව මැනව.
ස්වාමීන්ට වෛරවන්නෝ උන්වහන්සේට යටත්වන්නෝය. නුමුත් මොවුන්ගේ කාලය සදාකල් පවත්නේය.
ස්වාමීන්වහන්සේ තමන්ගේ දකුණත සහ තමන්ගේ බලවත් හස්තය ගැන දිවුරමින්: සැබවින් නුඹේ ධාන්‍ය නුඹේ සතුරන්ට කෑම පිණිස මම තවත් නොදෙන්නෙමි; නුඹ වැඩකර ලබාගත් නුඹේ මුද්‍රිකයුෂ විදේශීහු නොබොන්නෝය.
නුඹලා මාගේ ආහාර වන තෙලද ලේද ඔප්පුකරන විට, මාගේ ගෘහය කෙලහන හැටියට මාගේ ශුද්ධස්ථානයෙහි සිටීමට අචර්මඡේදිත සිත්ද අචර්මඡේදිත මාංසද ඇති විදේශීන් ඒක ඇතුළට ගෙනාවහුය; නුඹලාගේ සියලු පිළිකුල්කම් මදිවාට ඔව්හු මාගේ ගිවිසුමත් කඩකළෝය.
එම්බා ඉශ්‍රායෙල්, නුඹ වාසනාවන්තය. ස්වාමීන්වහන්සේ විසින් මුදන ලද සෙනඟක්වූ නුඹට සමාන කවුද? උන්වහන්සේ නුඹට උපකාර කරන පලිහත් නුඹේ මහිමයේ කඩුවත්ය. නුඹේ සතුරෝ නුඹට යටත් වන්නෝය; නුඹද ඔවුන්ගේ උසස්ථාන පාගන්නෙහියයි කීය.