කුමටදයත්, ජාතීන් කෙරෙහි පළිගැනීම හා මනුෂ්‍ය වර්ගයන් කෙරෙහි දඬුවම් පමුණුවන පිණිසත්,
රජුගේ රටවල සිටි අනික් යුදෙව්වරුද රැස්ව, තමුන්ගේ ජීවිතාරක්ෂාව සඳහා විරුද්ධව සිට, තමුන්ගේ සතුරන්ගෙන් නිදහස්වී, තමුන්ගේ වෛරකාරයන්ගෙන් හැත්තෑ පන්දහසක් මරාදැමුවෝය; නුමුත් කොල්ලයට අත නොපෙවුවෝය.
ඒවා ප්‍රීතිමත්වූ, එකිනෙකාට තෑගි කොටස් අරින්නාවූ, දිළිඳුන්ට දන් දෙන්නාවූ මංගල්‍ය දවස් කරගන්ට කියා ඔවුන්ට නියමකෙළේය.
මම නුඹේ අෂේරා කණු නුඹ වෙතින් උදුරාදමා, නුඹේ නුවරවල් විනාශකරන්නෙමි.
ඉන්පසු යෝෂුවා ඔවුන්ට පහරදී මරා, ගස් පහක එල්ලුවේය. ඔවුන් සවස දක්වා ගස්වල එල්ලා තබා තිබුණේය.
ස්වාමීන්වහන්සේගේ උදව්වටද බලවතුන්ට විරුද්ධව ස්වාමීන්වහන්සේගේ උදව්වටද නා බැවින් මෙරෝස්ට ශාපකරව්, එහි වැසියන්ට තදලෙස ශාපකරව්යයි ස්වාමීන්වහන්සේගේ දූතයා කීය.