උන්වහන්සේ සදාකාලේටම ඒවා පිහිටෙවුසේක. උන්වහන්සේ නැතිනොවන නියෝගයක් කළසේක.
නුඹ අහසේ නියෝග දන්නවාද? නොහොත් ඒකේ ආණ්ඩුබලය පොළොව කෙරෙහි පිහිටුවන්ට නුඹට පුළුවන්ද?
එය චන්ද්‍රයා මෙන්ද ආකාශයෙහි විශ්වාස සාක්ෂිය මෙන්ද සදාකල් පිහිටුවනු ලබන්නේයයි කීසේක.
ස්වාමීන්වහන්සේ රජකම් කරනසේක; උන්වහන්සේ මහිමශ්‍රීය පැළඳ සිටිනසේක; ස්වාමීන්වහන්සේ පැළඳ සිටිනසේක, උන්වහන්සේ ශක්තිය නමැති ඉඟපටිය බැඳගන සිටිනසේක. ලෝකයද නොසෙල්වෙන ලෙස පිහිටා තිබේ.
මේක මට නෝවාගේ ජලගැලීම මෙන්ය. මක්නිසාද නෝවාගේ ජලගැලීම තවත් පොළොවේ නොගලන හැටියට මා විසින් දිවුරුවාක්මෙන්ම, නුඹ කෙරෙහි උදහස් නොවන බවටත් නුඹට තරවටු නොකරන බවටත් මම දිවුළෙමි.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–දවාලද රාත්‍රියද ගැන තිබෙන මාගේ ගිවිසුම නොපවතින්නේ නම්, අහසෙත් පොළොවෙත් නියෝග මා විසින් පැනෙවුවේ නැත්නම්,