චන්ද්‍ර සූර්යයෙනී, උන්වහන්සේට ප්‍රශංසාකරව්. දීප්තිමත් තාරකා සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
පොළොව පවතිනතුරු වපුරන කාලය සහ කපන කාලයද ශීතය සහ උෂ්ණයද ග්‍රීෂ්ම කාලය සහ ශීත කාලයද දවාල සහ රාත්‍රියද නොනවතින්නේයයි කීසේක.
දවාලත් රාත්‍රියත් ඒවායේ නියම වේලාවලදී නොපැමිණෙන හැටියට දවාල ගැන තිබෙන මාගේ ගිවිසුමත් රාත්‍රිය ගැන තිබෙන මාගේ ගිවිසුමත් නුඹලාට අවලංගු කරන්ට පුළුවන් නම්,
නුඹේ ඇස් අහස දෙසට ඔසවා ඉර සඳ තාරකා යන සියලු අහස් සේනාව දකින කල මුළු අහසින් යට සිටින සියලු ජාතීන්ට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කොටස්කර දී තිබෙන ඒ දේවලට නමස්කාරකිරීමටත් සේවය කිරීමටත් ඇදී නොයන හැටියටද හොඳට ප්‍රවේසම් වන්න.