ජාතීන්ගේ රූප රන් රිදීය, මනුෂ්‍යයන්ගේ අත් වැඩය.
ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුවා සැබෑය. මක්නිසාද ඒවා දෙවිවරු නොව මනුෂ්‍යයන්ගේ හස්තකර්මාන්තවූ ලී සහ ගල්ව තිබුණේය. ඒ නිසා ඔව්හු ඒවා විනාශකළෝය.
එහෙයින් දෙවියන්වහන්සේගේ දරුවන්වූ අප විසින් දේවත්වය වනාහි මනුෂ්‍ය ශිල්පයෙන් හා සමර්ථකමින් කැපූ රනටවත් රිදීයටවත් ගලටවත් සමානයයි නොසිතිය යුතුය.
එහිදී නුඹලා ඇස් පෙනෙන්නේවත් කන් ඇසෙන්නේවත් කෑම කන්නේවත් ගඳ සුවඳ දැනෙන්නේවත් නැත්තාවූ ලී සහ ගල්වලින් මනුෂ්‍යයන්ගේ අතින් සෑදුවාවූ දෙවිවරුන්ට මෙහෙකරනවා ඇත.