මම සමාදානයට කැමැත්තෙමි. නුමුත් මා කථාකරන කල ඔව්හු සටනට සැරසෙති.
මම වනාහි සමාදානය හා විශ්වාසයෙන් යුක්තවූ ඉශ්‍රායෙල්වරුන්ගෙන් එක්කෙනෙකි. ඔබ ඉශ්‍රායෙල්හි නුවරක්ද මවුකෙනෙක්ද නැතිකරන්ට හදන්නෙහිය. ස්වාමීන්වහන්සේගේ උරුමය නාස්තිකරන්නේ මක්නිසාදැයි කීවාය.
මාගේ ප්‍රේමය වෙනුවට ඔව්හු මට එදිරිකාරයෝව සිටිති. නුමුත් මම යාච්ඤාවෙහිම යෙදීසිටිමි.
නපුරෙන් ඉවත්ව යහපත්කම් කරව; සමාදානය සොයමින් එය අනුව යව.
මක්නිසාද ඔව්හු සමාදානය පිණිස කථා නොකෙරෙති. දේශයෙහි නිශ්චලව සිටින්නන්ට විරුද්ධව වංචා වචන යොදති.
ඔහු තමා සමඟ සමාදානයෙන් සිටි අයට විරුද්ධව අත් දිගුකෙළේය. තමාගේ ගිවිසුම කඩකෙළේය.
සමාදානයකරන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය.
පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න.
සියල්ලන් සමඟ සමාදානයෙන් සිටින්ටත්, ශුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමීන්වහන්සේ නොදක්නා බැවින් ශුද්ධකම අනුවයන්ටත් උත්සාහකරන්න.
යෙප්තා අම්මොන් පුත්‍රයන්ගේ රජ වෙතට නැවත පණිවිඩකාරයන් යවා: