Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගීතාවලිය 119:118

Sinhala Revised Old Version

ඔබගේ පනත්වලින් මුළාවයන සියල්ලන් ඔබ සුළුකොට සිතූසේක. මක්නිසාද ඔවුන්ගේ වංචාව නිෂ්ඵලය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

19 හුවමාරු යොමු  

මාගේ මුළු සිතින් ඔබ සෙවීමි. ඔබගේ ආඥාවලින් මුළාවයන්ට මට ඉඩ නුදුන මැනව.

ඔබගේ ආඥාවලින් මුළාව යන්නාවූ, ශාපලද්දාවූ උඩඟුවූවන්ට ඔබ තරවටුකළසේක.

වංකකමේ මාර්ගය මා කෙරෙන් පහකළමැනව. ඔබගේ ව්‍යවස්ථාව කරුණාවෙන් මට දුන මැනව.

තමුන්ගේ පියවරුන් මෙන් ඔව්හු ආපසු හැරී ද්‍රෝහි ලෙස ක්‍රියාකළෝය. හොර දුන්නක් මෙන් වැරදි අතට හැරුණෝය.

මම සතළිස් අවුරුද්දක් ඒ පරම්පරාව කෙරෙහි කලකිරී: ඔව්හු සිතින් මුළාවයන සෙනඟක්ය, ඔව්හු මාගේ මාර්ගයන් දැන නොගත්තෝයයි කීයෙමි.

නපුර යොදන්නන්ගේ සිත්වල වංචාව තිබේ; එහෙත් සමාදානය පිණිස මන්ත්‍රණය කරන්නන්ට ප්‍රීතිය ඇත්තේය.

මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හස්තය මේ කන්දෙහි රඳන්නේය, නුමුත් මෝවබ් කසළගොඩේ වතුරෙහි පිදුරු මඩින්නාක්මෙන් තමාගේ ඉඩමේ මඩිනු ලබන්නේය.

ඔහු කන්නේ අළුය. තමාගේ ප්‍රාණය ගළවාගන්ටවත්: මාගේ දකුණතේ බොරුවක් තිබෙනවා නොවේදැයි කියන්ටවත් බැරි ලෙස ඔහුගේ සිත රැවටී, ඔහු මුළාව ගොස් සිටියි.

මම තනියම මිදියන්ත්‍රය පෑගීමි; ජනයන්ගෙන් කිසි මනුෂ්‍යයෙක් මා සමඟ නොසිටියේය. එසේය, මාගේ උදහසින් ඔවුන් පෑගීමි, මාගේ කෝපයෙන් ඔවුන් පොඩිකෙළෙමි; ඔවුන්ගේ රුධිරය මාගේ ඇඳුම්වල ඉසිරී තිබේ, එයින් මාගේ සියලු ඇඳුම් කැලැල්කරගතිමි.

නුඹලා දුෂ්ටයන් පාගාදමන්නහුය; මක්නිසාද මා විසින් පමුණුවන දවසේදී ඔව්හු නුඹලාගේ පතුල් යට අලු වන්නෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

ඔව්හු කඩුමුවහතින් වැටෙන්නෝය, සියලු ජාතීන් අතරට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝය. අන්‍යජාතීන්ගේ කාලවල් සම්පූර්ණ වන තෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඩිනු ලබන්නීය.

[එසේ ඉගෙනගත්තේ] නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍යවන්නාවූ පරණ මනුෂ්‍යයා පහකරදමා,

හිස් වචනවලින් නුඹලා රවටන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. මක්නිසාද මේ දේවල් නිසා දෙවියන්වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේය.

නුමුත් නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක්වන්නෝය.

මා නුඹලාට ලියා එවුවේ නුඹලා සැබෑව නොදන්නා බැවින් නොව, නුඹලා සැබෑව දන්න නිසාත් සැබෑවෙන් කිසි බොරුවක් හට නොගන්න නිසාත්ය.

නුවරින් පිටත මිදිපැස පාගනලද්දේය, එවිට පර්ලොං එක්දහස් හසියයක් පමණ දුර අශ්වයන්ගේ කටකලියා දක්වා මිදිපැසෙන් ලේ පිටවුණේය.

පහනක එළිය නුඹ තුළ තවත් නොබැබළෙන්නේය; මණමාලයාගේවත් මණමාලීගේවත් හඬ නුඹ තුළ තවත් නොඇසෙන්නේය. මක්නිසාද නුඹේ වෙළෙන්දෝ පොළොවේ උත්තමයෝව සිටියෝය; නුඹේ මායමින්ද සියලු ජාතීහු රැවටුණෝය;




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්