මම බොහෝසේ පීඩිතයෙමි. ස්වාමිනි, ඔබගේ වචනය ප්‍රකාර මා ප්‍රාණවත්කළ මැනව.
මාගේ ආත්මය ධූලියට ඇලේ. ඔබගේ වචනය ලෙස මා ප්‍රාණවත් කළ මැනව.
ඔබගේ කරුණාගුණය ලෙස මා ප්‍රාණවත්කළ මැනව; එවිට ඔබගේ මුඛයේ ශික්ෂාව පවත්වන්නෙමි.
ස්වාමිනි, ඔබගේ නාමය උදෙසා මා ප්‍රාණවත්කළ මැනව. ඔබගේ ධර්මිෂ්ඨකම නිසා මාගේ ආත්මය විපතින් මිදුව මැනව.
ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ සියල්ලෙන් ඔහු ගළවනසේක.
ස්වාමිනි, ඔබගේ උදහසින් මට තරවටු නොකළ මැනව, ඔබගේ තද කෝපයෙන් මට දඬුවම් නොකළ මැනව.