එවිට මම ස්වාමීන්ගේ නාමයෙන් යාච්ඤාකරමින්: ස්වාමිනි, මාගේ ප්‍රාණය මිදුව මැනවයි කීයෙමි.
මාගේ විපත්තියේදී ස්වාමීන්ට යාච්ඤාකෙළෙමි. ස්වාමීන්වහන්සේ මට උත්තරදෙමින්, නිදහස් තැනක මා සිටෙවුසේක.
මාගේ විපත්තියේදී ස්වාමීන්ට හඬගැසීමි, මාගේ දෙවියන්වහන්සේට මොරගැසීමි. උන්වහන්සේ තමන් මාලිගාවෙහි සිට මාගේ හඬ ඇසූසේක, උන්වහන්සේ ඉදිරියෙහි මාගේ මොරගැසීමද උන්වහන්සේගේ කණෙහි වැටුණේය.
මාගේ ප්‍රාණය කඩුවෙන්ද මාගේ ප්‍රිය ප්‍රාණය බල්ලාගේ බලයෙන්ද මිදුව මැනව.
මාගේ සිතේ දුක් වැඩිව තිබේ. මාගේ විපත්තිවලින් මා මුදාගත මැනව.
මේ දුප්පතා මොරගැසුවේය, ස්වාමීන්වහන්සේ ඔහුගේ බස් අසා, ඔහුගේ සියලු දුක්වලින් ඔහු ගැළවූසේක.
තවද විපත්ති දවසේදී මට යාච්ඤාකරව; මම නුඹ මුදාහරින්නෙමි, නුඹ මට ගෞරවකරන්නෙහිය.
ස්වාමිනි, හැරී මාගේ ප්‍රාණය නිදහස්කළමැනව. ඔබගේ කරුණාව නිසා මා ගැළවුවමැනව.
මක්නිසාද මරණයේදී ඔබ සිහි කිරීමක් නැත. ෂෙයෝලේදී ඔබට ස්තුතිකරන්නේ කවරෙක්ද?
නුමුත් සුංගම් අයකරන්නා දුරින් සිට, ස්වර්ගය දෙසට ඇස් ඔසවා බලන්ටවත් නොසිතා, තමාගේ ළැපැත්තට ගසාගනිමින්: දෙවියන්වහන්ස, පව්කාරයෙක්වූ මට කරුණාකළ මැනවයි කීවේය.
යේසුස්වහන්සෙත් උන්වහන්සේගේ ගෝලයොත් සරණ මංගල්‍යයට කැඳවනු ලැබුවෝය.