ස්වාමීන්වහන්සේ සියලු ජාතීන්ට උසස්ව සිටිනසේක, උන්වහන්සේගේ තේජස ස්වර්ගවලට වඩා උසස්ය.
නුමුත් දෙවියන්වහන්සේ සැබවින්ම පොළොවෙහි වසන්ට සතුටුවනසේක්ද? ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද ඔබවහන්සේට ඉඩ මදිය; එසේ නම් මා විසින් ගොඩනැගූ මේ ගෘහය ඊට වඩා කොපමණ මදිද?
මොව්හු ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා; මක්නිසාද උන්වහන්සේගේ නාමය පමණක් උසස්ය. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය හා පොළොව මත්තෙහි පවත්නේය.
අපගේ ස්වාමිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ නාමය පෘථිවිය මුළුල්ලෙහි කොපමණ උතුම්ද! ඔබ ස්වකීය මහිමය අහස්තල මත්තෙහි තැබූසේක.
මක්නිසාද ස්වාමිනි, ඔබ මුළු පොළොවට උතුම්සේක. ඔබ සියලු දෙවිවරුන්ට වඩා අතිශයින් උසස්ව සිටිනසේක.
ස්වාමීන්වහන්සේ සියොන්හි උතුම්ය; උන්වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන්ට වඩා උසස්ය.
බලව, ජාතීහු කළයකින් වැටෙන දිය බින්දුවක් මෙන්ද තුලාවෙහි ධූලි මෙන්ද ගණන්ගනු ලබන්නෝය. මෙන්න, උන්වහන්සේ දිවයින් ඉතා කුඩා දෙයක් මෙන් ඔසවනසේක.
සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියෙහි කිසිත් නැතිකම මෙන්ය; ඔව්හු උන්වහන්සේට කිසිත් නැතිකමද හිස්කමද කොට ගණන්ගනු ලැබෙති.
පෘථිවිචක්‍රය මතුයෙහි වැඩ ඉන්නේ උන්වහන්සේය, එහි වැසියෝ පළඟැටියන් වැනිය; අහස ඇතිරිල්ලක් මෙන් දිගහැර, වාසයකිරීමට කූඩාරමක් මෙන් එය අතුරා තබන්නෙත්,
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහස මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය. නුඹලා කෙබඳු ගෘහයක් මට සාදන්නහුද? නොහොත් මාගේ නිවාසස්ථානය කොතැනද?