දුෂ්ටයා ඒ දැක ශෝකවන්නේය; ඔහු දත්මිටිකා පහව යන්නේය. දුෂ්ටයන්ගේ ආශාව ඉෂ්ට නොවන්නේය.
හොරොනිය සන්බලට්ද සේවකයාවූ අම්මොනිය ටෝබියාද ඒ අසා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශුභසිද්ධිය දියුණුකරන්ට මනුෂ්‍යයෙකු ආවාට ඉතාමත් අමනාපවූහ.
ඔහුගේම අශූචි මෙන් ඔහු සදාකාලයටම නැතිවී යන්නේය, ඔහු දුටු අය: ඔහු කොයිදැයි අසන්නෝය.
දෙවියන්වහන්සේ සිහිනැතිකරන සියල්ලන්ගේ මාවත් එසේමය; අභක්තිකයාගේ බලාපොරොත්තුවද නැතිවන්නේය.
දුෂ්ටයා ධර්මිෂ්ඨයාට විරුද්ධව උපා යොදමින් ඔහුට විරුද්ධව දත්මිටිකයි.
ස්වාමිනි, ඔබ මට උපකාරකොට සැනසූ බැවින්, මට වෛරවෙන්නන් විසින් දැක ලජ්ජාවන පිණිස, මා සඳහා ශුද්ධ නිමිත්තක් පෙන්නුව මැනව.
ධර්මිෂ්ඨයන්ගේ ප්‍රාර්ථනාව ප්‍රීතියය; එහෙත් දුෂ්ටයන්ගේ බලාපොරොත්තුව සුන්වන්නේය.
දුෂ්ට මනුෂ්‍යයා නසිනකල ඔහුගේ බලාපොරොත්තුව නැතිවෙයි; අයුතුකම්කරන්නන්ගේ ප්‍රාර්ථනාවද නැතිවෙයි.
එවිට රජ්ජුරුවෝ කථාකොට: මොහුගේ අත්පා බැඳ, මොහු පිටත අන්ධකාරයෙහි දමන්න; එහිදී හැඬීමත් දත්මිටිකෑමත් වන්නේයයි සේවකයන්ට කීවේය.
එහෙත් රාජ්‍යයේ පුත්‍රයෝ පිටත අඳුරෙහි දමනු ලබන්නෝය. එහි හැඬීමද දත්මිටිකෑමද වන්නේයයි කීසේක.
ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සියලු අනාගතවක්තෘවරුන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි සිටිනවාත් නුඹලාම පිටත දමනු ලබනවාත් නුඹලා දකින කල, එහි හැඬීමද දත්මිටිකෑමද වන්නේය.