මාගේ ප්‍රශංසා භූමියවූ දෙවියන්වහන්ස, නිශ්ශබ්දනූව මැනව;
ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබට ස්තුතිකරන්නෙමි. ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබ උසස්කරන්නෙමි.
ස්වාමිනි, ඔබට හඬගසන්නෙමි; මාගේ පර්වතයාණෙනි මට කන් නොදී නොසිටිය මැනව. ඔබ නිශ්ශබ්දවූසේක්නම්, වළට බසින්නන් හා සමාන වන්නෙමි.
දෙවියන්වහන්ස, නිශ්ශබ්දනූව මැනව; දෙවියන්වහන්ස, කථා නොකර නොසිටිය මැනව, නිශ්චලනූව මැනව.
මක්නිසාද ඔබගේ සතුරෝ කෝලාහලකෙරෙති. ඔබට වෛරවන්නෝ හිස ඒසෙවුවෝය.
මාගේ ශක්තියද ගීතිකාවද ස්වාමීන්වහන්සේය, උන්වහන්සේ මාගේ ගැළවීම වූසේක. මේ මාගේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ වර්ණනාකරන්නෙමි; මාගේ පියාණන්ගේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ උසස්කරන්නෙමි.
මම බොහෝ කල් නිශ්ශබ්දව සිටියෙමි; නිශ්චලව කථා නොකර සිටියෙමි. දැන් විළිරුජා ඇති ස්ත්‍රියෙකු මෙන් කෑගසන්නෙමි; එකවිටම කට ඇර හතිදමන්නෙමි.
ස්වාමීන්වහන්ස, මට සුවවන පිණිස මා සුවකළ මැනව; මා ගැළවෙන පිණිස ඔබ මා ගැළෙවුව මැනව. මක්නිසාද ඔබම මාගේ ප්‍රශංසාවය.
උන්වහන්සේම නුඹේ ප්‍රශංසා භූමියය, උන්වහන්සේම නුඹේ ඇස්වලින් දුටු මේ මහත්වූ භයානකවූ දේ නුඹ උදෙසා කළාවූ නුඹේ දෙවියන්වහන්සේය.