ගීතාවලිය 108:11Sinhala Revised Old Versionදෙවියන්වහන්ස, ඔබ අප පහනොකළසේක්ද? දෙවියන්වහන්ස, ඔබ අපේ සේනාවන් සමඟ නොයනසේක. පරිච්ඡේදය බලන්න |
ආසා තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤා කොට ස්වාමීන්වහන්ස, බලසම්පන්න අයත් බෙලහීන අයත් අතරේ පිහිට වෙන්ට ඔබ හැර කිසිවෙක් නැත්තේය. අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, අපට පිහිටවුවමැනව; මක්නිසාද අපි ඔබ කෙරේ විශ්වාසය තබා, ඔබගේ නාමයෙන් මේ සමූහයාට විරුද්ධව ඇවිත් සිටිමුව. ස්වාමීන්වහන්ස, ඔබ අපේ දෙවියන්වහන්සේය; ඔබට විරුද්ධව මනුෂ්‍යයා ජය නොගනීවයි කීවේය.