උන්වහන්සේ නිතර තරවටු නොකරනසේක; සදාකාලයට කෝපය නොපවත්වන සේක,
මක්නිසාද උන්වහන්සේගේ උදහස ඇසිල්ලකට පමණය; උන්වහන්සේගේ කරුණාව දිවිහිම් කොටය. රාත්‍රියේ හැඬීම පවතින නුමුත්, උදය ප්‍රීතිය පැමිණෙන්නේය.
ඈ අහකට ඇරීමෙන් ඔබ මදක් ඈට දඬුවම්කරනසේක; පෙරදිගින් හුළඟ ගසන දවසේදී උන්වහන්සේ තමන්ගේ තද හුළඟින් ඈ පහකළසේක.
මම සදාකල්ම විවාද නොකරන්නෙමි, සෑම කල්ම උදහස්ව නොසිටින්නෙමි. එසේ සිටියොත් මා ඉදිරියෙහි ආත්මයද මා විසින් මැවූ ප්‍රාණද ක්ලාන්තවී යන්නෝය.
නුඹ ගොස් උතුරු දෙසට මේ වචන ප්‍රකාශකරන්න: අහක්ව ගියාවූ ඉශ්‍රායෙල්, හැරී එන්නැයි ස්වාමීන්වහන්සේ කියන සේක; මම නුඹලා දෙස කෝපයෙන් නොබලන්නෙමි; මක්නිසාද මම කරුණාවන්තයෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, මම සදාකාලේටම උදහස තබා නොගන්නෙමි.
උන්වහන්සේ තමන් උදහස සදාකාලේටම තබාගන්නාසේක්ද? එය කෙළවර දක්වා පවත්වනසේක්ද? මෙන්න, නුඹ මෙසේ කථාකළ නුමුත් නපුරු දේවල් කොට නුඹේ කැමැත්ත ඉෂ්ටකරගත්තෙහිය.
ඔහු කළාවූ ඔහුගේ කිසිම පාපයක් ඔහුට විරුද්ධව සිහිකරනු නොලබන්නේය. ඔහු යුක්තියද ධර්මිෂ්ඨකමද කෙළේය; ඔහු සැබවින්ම ජීවත්වන්නේය.