මක්නිසාද උන්වහන්සේ අපේ ස්වභාවය දන්නාසේක; අප ධූලි බව උන්වහන්සේ සිහිකරනසේක.
ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළූසේක; එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය.
නුඹ භූමියෙන් ගන්නාලද බැවින් එයට හැරී යනතෙක් නුඹේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නෙහිය; මක්නිසාද නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහියයි කීසේක.
ඔබ මා මැටිවලින් මෙන් සෑදූ බව සිහිකරන ලෙස අයදිමි: ඔබ මා නැවත පස්වලට හරවනසේක්ද?
හුළඟට ගසාගන යන කොළයකට ඔබ හිරිහැරකරනසේක්ද? වියළි ඉපනැල්ල පස්සෙන් එළවාගන යනසේක්ද?
ඔබ මාගේ වරදට කමාවී, මාගේ අපරාධය පහ නොකරන්නේ මක්නිසාද? මම ඉක්මනින් ධූලියෙහි නිදන්නෙමි, ඔබ මා බොහෝසේ සොයන නුමුත් මම නොසිටින්නෙමියි කීවේය.
මාගේ කාලය කොපමණ ලුහුඬුදැයි සිහිකළ මැනව. ඔබ සියලු මනුෂ්‍ය පුත්‍රයන් මැවුවේ කුමන නිෂ්ඵලකමකටද!
දූවිල්ල තිබුණු හැටියට පොළොවට හැරීයන්ටත්, ආත්මය ඒක දුන් දෙවියන්වහන්සේ වෙතට හැරීයන්ටත් පළමුවෙන් උන්වහන්සේ සිහිකරන්න.
නුඹලා කාරණා පෙරළන හැටි! කුම්භකාරයා මැටි වාගේයයි සිතන්ට යුතුද? කර්මාන්තය ඒක සෑදූ තැනැත්තා ගැන-ඔහු මා සෑදුවේ නැතැයි කියන්ටවත්, සෑදූ දෙයක් ඒක සෑදූ තැනැත්තා ගැන-ඔහුට දැනුමක් නැතැයි කියන්ටවත් යුතුද?