Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගීතාවලිය 10:7

Sinhala Revised Old Version

ඔහුගේ මුඛය ශාපයෙන්ද රැවටිල්ල හා බලාත්කාරයෙන්ද පිරී තිබේ. ඔහුගේ දිව යට නපුරුකම හා අයුතුකම ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

29 හුවමාරු යොමු  

ඔව්හු අයුක්තිය පිළිසිඳගෙන අපරාධය බිහිකරන්නෝය, ඔවුන්ගේ ගර්භයද ප්‍රයෝගය යොදන්නේයයි කීවේය.

දුෂ්ටකම ඔහුගේ මුඛයෙහි මිහිරිව තිබෙන නුමුත්, ඔහු ඒක තමාගේ දිව යට සඟවා ගන්න නුමුත්;

ඔවුන් සෑම දෙන තමුන්ගේ අසල්වාසියා සමඟ නිෂ්ඵල දේ කථාකරති. ඔව්හු චාටු සහිත මුඛයෙන් හා දෙසිතින් කථාකෙරෙති.

ඔව්හු සර්පයෙකු මෙන් තමුන්ගේ දිව තියුණුකළෝය, ඔවුන්ගේ තොල් යට පොළොං විෂ ඇත.

මා වටකරගන සිටින්නන්ගේ හිස තමුන්ගේම තොල්වල නපුරුකමින් වැසේවා.

විදේශීන්ගේ අතින් මා උදුරා මුදාගත මැනව. ඔවුන්ගේ මුඛය නිෂ්ඵල දේ කියයි, ඔවුන්ගේ දකුණත බොරුවෙන් යුක්තවූ දකුණතක්ය.

ඔවුන්ගේ මුඛය නිෂ්ඵල දේ කියයි, ඔවුන්ගේ දකුණත බොරුවෙන් යුක්තවූ දකුණතක්ය.

ඔහුගේ මුඛයෙහි වචන අයුතුකම හා වංචාව වේ. ඔහු නුවණැතිව සිටීමෙන්ද යහපත්කම් කිරීමෙන්ද වැලකී සිටී.

ඔහු මා බලන්ට ආවොත් නිෂ්ඵල දේ කථාකරයි; ඔහුගේ සිත අයුතුකම් රැස්කරගනියි. ඔහු පිටත යන කල එය ප්‍රකාශකරයි.

මක්නිසාද ඔවුන්ගේ මුඛයෙහි කිසි සැබෑකමක් නැත; ඔවුන්ගේ සිත අතිශයින් දුෂ්ටය. ඔවුන්ගේ උගුර විවරවූ මිනීවළක්ය; ඔව්හු දිවෙන් චාටු බස් කියති.

නුඹේ කට නපුරට දී තිබේ, නුඹේ දිවද රැවටිලි යොදයි.

එම්බා කපටි දිව, නුඹ සියලු ආකාර නාස්තික වචනවලට ප්‍රිය ඇත්තෙහිය.

ඔහුගේ කට වෙඬරු මෙන් සිනිදුව තිබුණේය, නුමුත් ඔහුගේ සිතෙහි යුද්ධය විය. ඔහුගේ වචන තෙලට වඩා මොළොක්ව තිබුණේය, එහෙත් ඒවා ඇදගත් කඩුය.

දුෂ්ටයෝ මවු කුස පටන් නොමග යති. ඔව්හු උපන්තැන් පටන් බොරු කියමින් මුළාව යති.

ඔවුන්ගේ කටේ පාපය හා තොල්වල වචන නිසාද, ඔවුන් කියන ශාප බොරු බස් නිසාද, ඔව්හු අහංකාරයෙන් සිටියදීම අසු වෙත්වා.

උදහසින් ඔවුන් විනාශකළ මැනව, නැතිවෙන පිණිස විනාශකළ මැනව. දෙවියන්වහන්සේ පොළොවේ කෙළවර දක්වා යාකොබ් අතරෙහි ආණ්ඩුකරන බව ඔව්හු දැනගනිත්වා.

ඔහුගේ උතුම්කමෙන් ඔහු නෙරපා හෙළන්ට පමණක් ඔව්හු මන්ත්‍රණයකෙරෙති; ඔව්හු බොරුවට ප්‍රියවෙති; තමුන්ගේ මුඛයෙන් ආශීර්වාදකරන නුමුත් සිතින් ශාපකෙරෙති.

රහස් තැන්වලදී නිර්දෝෂ අයට විදින පිණිස ඔව්හු කඩුවක් මෙන් තමුන්ගේ දිව මුවහත් කොට,

බලව, ඔහු අයුතුකම ප්‍රසූතකිරීමට වේදනා විඳියි; එසේය, ඔහු නපුරුකම ගැබ්ගෙන, බොරුව ප්‍රසූතකෙළේය.

ඔව්හු ගර්හාකෙරෙති, දුෂ්ටකමින් බලාත්කාරය ගැන කථාකෙරෙති. උඩඟුලෙස කථාකෙරෙති,

බොරුකාර දිවකින් වස්තු ලබාගැන්ම හුළඟට ගසාගනයන දුමාරයක්ය; ඒවා මරණයේ මලපත්ය.

වංචාවත් බොරුවත් මාගෙන් දුරුකළ මැනව; මා පූර්ණවී ඔබ එපාකර: ස්වාමීන්වහන්සේ කවුදැයි නොකියන පිණිසත්, මා දිළිඳුවී සොරකම්කොට,

ධර්මිෂ්ඨකමින් හඬගසන කෙනෙක්වත් සැබෑකමින් නඩුකියන කෙනෙක්වත් නැත. ඔව්හු හිස්කම කෙරෙහි විශ්වාසය තබා බොරු කියති; ඔව්හු නපුර පිළිසිඳගෙන අයුක්තිය බිහිකරති.

ඔව්හු බොරුව විඳින පිණිස තමුන්ගේ දිව් නැමති දුනු අදිති; ඔවුන් දේශයෙහි බලවත්ව සිටින්නේ විශ්වාසකම උදෙසා නොවේය. මක්නිසාද ඔව්හු නපුරෙන් නපුරට යති, මා නෑදින සිටිතියි ස්වාමීන්වහන්සේ කියනසේක.

නුඹ වාසයකරන්නේ වංචාව මැදය; වංචාව නිසා ඔව්හු මා ඇඳිනගැනීම එපාකරතියි ස්වාමීන්වහන්සේ කියනසේක.

දිළින්දා ගිලදැමීමටත් දේශයේ යටහත් අය නැතිකිරීමටත් හතිදමාගනයමින්,

පොළොං වංශය, නපුරුව සිටින නුඹලා යහපත් දේ කෙසේ කියවුද? මක්නිසාද සිතේ පූර්ණකමෙන් මුඛය කථාකරයි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්