දුෂ්ටයාගේ බාහුව බින්ද මැනව; නපුරාගේ දුෂ්ටකම කිසිත් ඉතුරු නොවී යනතුරු සෙවුව මැනව.
එවිට දුෂ්ටයන්ගේ එළිය ඔවුන්ගෙන් පහවන්නේය, එසෙවූ හස්තයද බිඳදමනු ලබන්නේය.
ස්වාමිනි, නැගුටුණ මැනව; මාගේ දෙවියන්වහන්ස, මා ගැළෙවුව මැනව. මක්නිසාද ඔබ මාගේ සියලු සතුරන්ගේ කන්සයට ගැසූසේක; දුෂ්ටයන්ගේ දත් බින්දසේක.
මක්නිසාද දුෂ්ටයන්ගේ බාහු බිඳිනු ලබන්නේය. නුමුත් ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ට පිහිටවනසේක.
අනේ දුෂ්ටයන්ගේ දුෂ්ටකම කෙළවර වේවා, නුමුත් ධර්මිෂ්ඨයා ස්ථිරකළ මැනව. මක්නිසාද ධර්මිෂ්ඨවූ දෙවියන්වහන්සේ සිත් හා අදහස් පරීක්ෂාකරනසේක.
තවද නිර්දෝෂවූ දිළිඳුන්ගේ ප්‍රාණවල ලේ නුඹේ වස්ත්‍ර කොන්වල සම්බවිය. රහස් තැන්වල නොව මේ සියල්ල පිට එය තිබෙනවා මට සම්බවිය.
මෙසේ සල්ලාලකම දේශයෙන් පහකරන්නෙමි, සියලු ස්ත්‍රීන්ද දැනමුතුවී, නුඹලාගේ සල්ලාලකමේ හැටියට නොකර සිටිනවා ඇත.
ඒ කාලයේදී මම පහන් දල්වා යෙරුසලම සෝදිසිකරන්නෙමි; තවද තමුන්ගේ මණ්ඩි පිට තදවී සිටින්නාවූ, ස්වාමීන්වහන්සේ යහපතවත් නපුරවත් කරන්නේ නැතැයි තමුන්ගේ සිත් තුළ සිතාගන්නාවූ මනුෂ්‍යයන්ට දඬුවම්කරන්නෙමි.
රැළ අත්හරින්නාවූ නොවටිනා එඬේරාට දුක් වන්නේය! ඔහුගේ හස්තයටත් දකුණු ඇසටත් විරුද්ධව කඩුවක් පැමිණෙන්නේය. ඔහුගේ හස්තය වේළීයන්නේය, ඔහුගේ දකුණැසද අන්ධවන්නේයයි කීසේක.