ඔය පෙලඹීම නුඹලා කැඳවන තැනන්වහන්සේගෙන් නොවේය.
තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.
පූර්වයෙන් නියමකළවුන් උන්වහන්සේ කැඳවාගත්සේක. කැඳවාගත්තවුන් උන්වහන්සේ ධර්මිෂ්ඨකළසේක. ධර්මිෂ්ඨකළ අය උන්වහන්සේ මහිමයට පැමිණෙවුසේක.
ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව කරණකොටගෙන නුඹලා කැඳවූ තැනන්වහන්සේ කෙරෙන් නුඹලා මෙපමණ ඉක්මනින් අන්‍ය ශුභාරංචියකට හැරී යනවාට මවිතවෙමි.