Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගලාති 5:3

Sinhala Revised Old Version

එසේය, චර්මඡේද්‍යය ලබන සෑමදෙනම මුළු ව්‍යවස්ථාව පැවැත්වීමට ණයකාරයෝව සිටින්නෝයයි නැවත සාක්ෂිදෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

19 හුවමාරු යොමු  

අපේ රජවරුන්ද අපේ අධිපතීන්ද අපේ පූජකයන්ද අපේ පියවරුන්ද ඔබගේ ව්‍යවස්ථාව පැවැත්තුවේවත්, ඔබගේ ආඥාවලටද ඔබ ඔවුන්ට කළ ඔබගේ අවවාදවලටද ඇහුම්කන්දුන්නේවත් නැත.

අන්ධවූ මග පෙන්වන්නෙනි, නුඹලාට දුක්වේ! මක්නිසාද: යමෙක් දේවමාළිගාව ගැන දිවුළොත් එයින් කාරියක් නැත කියාද යමෙක් දේවමාළිගාවේ රන් ගැන දිවුළොත් ඔහු බැඳී සිටීය කියාද නුඹලා කියන්නෝය.

තවද: යමෙක් පූජාසනය ගැන දිවුළොත් එයින් කාරියක් නැත කියාද යමෙක් ඒ පිට තිබෙන පඬුර ගැන දිවුළොත් ඔහු බැඳී සිටීය කියාද නුඹලා කියන්නෝය.

ඔවුන්ද මේ වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස, ඔවුන්ට සාක්ෂි දෙන්ට ඔහු මාගේ පියාගේ ගෙදරට අරින ලෙස ඉල්ලමියි කීවේය.

යුදයෙන් සමහර දෙනෙක් ඇවිත්: මෝසෙස්ගේ නියෝගය ලෙස නුඹලා චර්මඡේදයකරනු නොලැබුවොත් නුඹලාට ගැළවෙන්ට නුපුළුවනැයි සහෝදරයන්ට ඉගැන්නුවෝය.

වෙනත් බොහෝ වචනවලින් සාක්ෂිදී: මේ වංක පරම්පරාවෙන් ගැළවෙන්නය කියමින් අවවාදකෙළේය.

දෙවියන්වහන්සේ කෙරෙහි පසුතැවිල්ලත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලත් ගැන යුදෙව්වරුන්ට හා ග්‍රීක්වරුන්ට සාක්ෂිදුනිමි.

මක්නිසාද නුඹ ව්‍යවස්ථාව පවත්වන්නෙක් නම් චර්මඡේද්‍යයෙන් නුඹට ප්‍රයෝජන ඇත. නුමුත් නුඹ ව්‍යවස්ථාව කඩකරන්නෙක් නම් නුඹේ චර්මඡේද්‍යය අචර්මඡේද්‍යයක් වී තිබේ.

මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටෙන්නෝද, එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති, මක්නිසාද: ව්‍යවස්ථාපොතෙහි ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබේ.

ඉදින් නුඹලා චර්මඡේද්‍යය ලබන්නහු නම්, ක්‍රිස්තුස්වහන්සේගෙන් නුඹලාට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බව පාවුල් නම් මම නුඹලාට කියමි.

මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ප්‍රේමය කරණකොටගෙන ක්‍රියාකරන ඇදහිල්ලෙන් මිස, චර්මඡේද්‍යයෙන්වත් අචර්මඡේද්‍යයෙන්වත් ප්‍රයෝජනයක් නැත.

එබැවින් අන්‍යජාතීන් තමුන්ගේ සිත්වල නිෂ්ඵලකමින් හැසිරෙන්නාක්මෙන්, නුඹලා තවත් නොහැසිරෙන්නැයි ස්වාමීන්වහන්සේ තුළ සාක්ෂිදෙමින් කියමි.

මේ ව්‍යවස්ථාවේ වචන ඉෂ්ටකරන පිණිස ඒවා ස්ථිර නොකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.

එසේ ඔවුන් පිටට බොහෝ විපත්තිද දුක්ද පැමිණි කල්හි, මේ ගීතිකාව ඔවුන්ගේ දරුමුණුබුරන්ගේ මුඛවලින් පහවී නොයන බැවින් මෙය ඔවුන්ට උත්තර දෙන සාක්ෂිකාරයෙකු මෙන් සාක්ෂිදරනවා ඇත. මක්නිසාද මා විසින් දිවුළ දේශයට ඔවුන් පමුණුවන්ට මත්තෙන් දැන් පවා ඔවුන් කරන ඔවුන්ගේ යෝජනාව දනිමියි කීසේක.

තවද නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැති කොට අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවය කොට නමස්කාරකරන්නෙහිනම්, නුඹලා සැබවින් විනාශ වෙන බවට අද මම නුඹලාට විරුද්ධව සාක්ෂිදෙමි.

මේ කාරණය ගැන කිසිවෙක් තමාගේ සහෝදරයා රවටා වාසියක් නොගැනීමත්ය. මක්නිසාද අපි පළමු නුඹලාට කියා සාක්ෂිදුන් ලෙස, ස්වාමීන්වහන්සේ එබඳුවූ සියල්ල ගැන පළිගන්න කෙනෙක්ය.

පියාණන්වහන්සේ විසින් පුතායාණන් ලෝකයාගේ ගැළවුම්කාරයා කොට එවූ බව අපි දුටිමුව, ඊට සාක්ෂිදෙමුව.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්