මක්නිසාද උරුමය ව්‍යවස්ථාවෙන් වේ නම් තවත් පොරොන්දුවෙන් නොවේ. නුමුත් දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට ඒක දුන්නේ පොරොන්දුවෙන්ය.
මක්නිසාද උන්වහන්සේ ස්වකීය ශුද්ධ වචනයද තමන් මෙහෙකරුවූ ආබ්‍රහම්ද සිහිකළසේක.
තවද දරුවෝ නම් උරුමක්කාරයෝය; දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝය, ක්‍රිස්තුස්වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝය. උන්වහන්සේ හා සමඟ මහිමය ලබන පිණිස, උන්වහන්සේ සමඟ දුක්විඳිමු නම්, මෙසේ වන්නේය.
දෙවියන්වහන්සේගේ කරුණාව නිෂ්ඵල නොකරමි. මක්නිසාද ධර්මිෂ්ඨකම ව්‍යවස්ථාව කරණකොටගෙන වේ නම් ක්‍රිස්තුස්වහන්සේ නිකරුණේ මළසේක.
මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටෙන්නෝද, එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති, මක්නිසාද: ව්‍යවස්ථාපොතෙහි ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබේ.
ව්‍යවස්ථාව වනාහි ඇදහිල්ලෙන් නොවේ; නුමුත්: ඒ දේ කරන තැනැත්තේ එයින් ජීවත්වන්නේය.
ඉතින් පොරොන්දු දෙනලද්දේ ආබ්‍රහම්ටත් ඔහුගේ වංශයටත්ය. බොහෝදෙනෙකුට මෙන්: වංශයන්ටය නොකියා, එක්කෙනෙකුට මෙන්: නුඹේ වංශයටයයි උන්වහන්සේ කියනසේක.
මක්නිසාද නුඹලා සියල්ලෝම ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල කරණකොටගෙන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය.
ඉදින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ නම්, නුඹලා ආබ්‍රහම්ගේ වංශයද පොරොන්දුව ලෙස උරුමක්කාරයෝද වන්නහුය.