අපි මෘත ශරීරයකින් අපවිත්‍රවී සිටිමුව. ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ස්වාමීන්වහන්සේගේ පූජාව ඊට නියම කාලයෙහි ඔප්පු කිරීමෙන් අප වලක්වනු ලබන්නේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවෝය.
ඒක නම් ස්වාමීන්වහන්සේගේ පාස්කුවය, උන්වහන්සේ මිසරවරුන්ට පහර දුන් කල මිසරයෙහි වූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෙවල් පසුකර ගොස් අපේ ගෙවල් ගලවාගත්සේකැයි කියයුතුයයි කීයේය. එවිට සෙනඟ හිස් නමා වැන්දෝය.
තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ නියම කාලයෙහි පාස්කුව පවත්වත්වා.
මෘත ශරීරයකින් අපවිත්‍රවී ඒ දවසේ පාස්කුව පවත්වන්ට නොහැකිවූ සමහර මනුෂ්‍යයෝ එහි සිටියෝය. ඒ මනුෂ්‍යයෝ ඒ දවසේදී මෝසෙස් සහ ආරොන් ඉදිරියට අවුත් කථාකොට:
මෝසෙස්ද: ස්වාමීන්වහන්සේ නුඹලා ගැන අණකරන්නේ කුමක්දැයි දැනගන්න තෙක් සිටින්නැයි ඔවුන්ට කීවේය.
එබැවින් ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසය කරවන්ට තෝරාගන්න ස්ථානයේදී එළු බැටළුවන් හා ගවයන්ගෙන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පූජාකරන්න.