මෝසෙස්ද පාස්කුව පවත්වන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීවේය.
එවිට මෝසෙස් ඉශ්‍රායෙල්ගේ සියලු වැඩිමහල්ලන් කැඳවා: නුඹලාගේ පවුල්වල හැටියට බැටළු වස්සන් තෝරාගෙන පාස්කු මංගල්‍යය පිණිස මරන්න.
ඊට නියම කාලය වන මේ මස දසසතරවෙනි දින සවස් වරුවේ ඒක පවත්වන්න. ඒකේ සියලු පනත්ද ඒකේ සියලු නියෝගද ප්‍රකාර ඒක පවත්වන්නැයි කීසේක.
එසේ ඔව්හු පළමුවෙනි මස දසසතරවෙනි දින සවස සීනයි කාන්තාරයේදී පාස්කුව පැවැත්වූහ. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයෝ කළෝය.