පහන් රුකේ කර්මාන්තය වනාහි තළාපු රනින් විය; ඒකේ අඩිය හා ඒකේ මල් දක්වා එය තළාපු කර්මාන්තය විය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට පෙන්වූ ආදර්ශය ලෙස ඔහු පහන්රුක සෑදුවේය.
රන් තළා කෙරුබ්වරුන් දෙදෙනෙක් සාදා කරුණාසනයේ දෙකෙළවරෙහි පිහිටුවන්න.
මා විසින් නුඹට පෙන්වන සියල්ල ලෙස එනම් මණ්ඩපයේ ආදර්ශයද එහි සියලු බඩුවල ආදර්ශයද ලෙස එය සාදන්න.
කන්දේදී නුඹට පෙන්වූ ප්‍රකාරය ලෙස මණ්ඩපය පිහිටුවන්න.
තලාපු රනින් කෙරුබ්වරුන් දෙදෙනෙකු සාදා
ආරොන්ද එසේ කරමින් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස පහන් රුක ඉස්සරහට එළිය වැටෙන ලෙස පහන් දැල්වූයේය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
මෝසෙස් මණ්ඩපය සාදන්ට යන කල: කන්දේදී නුඹට පෙන්වනලද ආදෘශය ලෙස සියල්ල සාදන්ට බලාගන්නැයි දෙවියන්වහන්සේ ආඥා කළ හැටියට, ඒ පූජකයෝ ස්වර්ගයවූ දේවල සටහනක්ව ඡායාවක්ව තිබෙන දෙයට සේවයකරති.
එබැවින් ස්වර්ගයේ තිබෙන දේවල සටහන් මේවායින් පවිත්‍රකරන්ට ඕනෑව තිබුණේය; නුමුත් ස්වර්ගීය දේවල්ම මේවාට වඩා උතුම් පූජාවලින් පවිත්‍රකරනු ලබන්ට යුතුය.