පනස් අවුරුදු වයස්වූ පසු ඔව්හු මෙහෙකිරිමෙන් අහක්ව, තවත් සේවය නොකර සිටිත්වා;
තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇති, සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස සේවයට ඇතුල්වන්නාවූ සියල්ලන් ගණන්කරන්න.
ලෙවීවරුන් සම්බන්ධ කාරණය මෙසේය–විසිපස් අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තෝ සම්මුඛවීමේ කූඩාරමේ වැඩකරන පිණිස සේවයට ඇතුල්වෙත්වා.
කටයුතු බලාගැනීමට සම්මුඛවීමේ කූඩාරම තුළ ඔවුන්ගේ සහෝදරයන් සමඟ මෙහෙකරනවා මිස ඔව්හු වැඩ නොකරන්නෝය. ලෙවීවරුන්ගේ භාර සම්බන්ධව ඔවුන්ට එසේ කරන්නැයි කීසේක.
මම යහපත් යුද්ධයෙහි යුද්ධකළෙමි, මම දිවීම කෙළවරකළෙමි, මම ඇදහිල්ල රක්ෂා කළෙමි.