නුඹ ආරොන්ද ඔහුගේ පුත්‍රයන්ද ඉදිරිපිට ලෙවීවරුන් සිටුවා ඔවුන් තේව පූජාවක් කොට ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න.
බලව, මම ලෙවීවරුන්වූ නුඹලාගේ සහෝදරයන් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ගතිමි. සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය කරන පිණිස නුඹලාට ත්‍යාගයක් කොට ඔව්හු ස්වාමීන්වහන්සේට දෙනලද්දෝය.
ආරොන්ද ලෙවීවරුන් ස්වාමීන්වහන්සේගේ මෙහෙය කිරීමට සිටින පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා තේව පූජාවක් වශයෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් ඔප්පුකරන්නේය.
ලෙවීවරු තමුන්ගේ අත් ගොනුන්ගේ හිස් පිට තබත්වා. එවිට නුඹ ලෙවීවරුන් උදෙසා සමඟිකමක් කරන පිණිස එකෙක් පාප පූජාවක් කොටද එකෙක් දවන පූජාවක් කොටද ස්වාමීන්වහන්සේට පූජාකරන්න.
මෙසේ ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ලෙවීවරුන් වෙන්කරන්න. ලෙවීවරු මාගේ වන්නෝය.
ලෙවීවරුද තමුන්ගෙන් දෝෂ පහකරගෙන තමුන්ගේ වස්ත්‍ර සෝදාගත්තෝය; එවිට ආරොන් ඔවුන් තේව පූජාවක් කොට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකර ඔවුන් පවිත්‍රකරන පිණිස ඔවුන් උදෙසා සමඟිකමක් කෙළේය.
එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.
දෙවියන්වහන්සේගේ ශුභාරංචියේ සේවය පවත්වමින්, අන්‍යජාතීන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සේවකයෙකු වීමට දෙවියන්වහන්සේ මට දී තිබෙන කරුණාව නිසාය.