එකළොස්වෙනි දවසේදී ඔක්‍රාන්ගේ පුත්‍රවූ ආෂෙර් පුත්‍රයන්ගේ අධිපතියාවූ පගීයෙල්ය.
ආෂෙර් ගෝත්‍රයෙන් ඔක්‍රාන්ගේ පුත්‍රවූ පගියෙල්ය.
ඊළඟ කූඩාරම් ගසාගන්නෝනම් ආෂෙර්ගේ ගෝත්‍රයය. ආෂෙර් පුත්‍රයන්ගේ අධිපතියා ඔක්‍රාන්ගේ පුත්‍රවූ පගීයෙල් වන්නේය.
ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. අම්මිෂද්දයිගේ පුත්‍රවූ අහියෙසෙර්ගේ පඬුර මේය.
ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය;