ඔහු තමාගේ පියා නුමුත් මවු නුමුත් සහෝදරයා නුමුත් සහෝදරී නුමුත් මැරුණුකල ඔවුන් නිසා අපවිත්‍ර නොවිය යුතුය. මක්නිසාද ඔහුගේ දෙවියන්වහන්සේට කැපවී සිටීමේ භාරය ඔහුගේ හිස පිට තිබේ.
ඔව්හු මළ කෙනෙකු ළඟට පැමිණ අපවිත්‍ර නොවෙත්වා. නුමුත් පියා නිසාවත් මවු නිසාවත් පුත්‍රයෙකු නිසාවත් දුවෙකු නිසාවත් සහෝදරයෙකු නිසාවත් පුරුෂයෙකු ඇතුව නොසිටිය සහෝදරියෙකු නිසාවත් ඔවුන්ට අපවිත්‍ර වෙන්ට අවසර තිබේ.
ඔහු කැපව සිටින සියලු දවස්වල ඔහු ස්වාමීන්වහන්සේට ශුද්ධය.
මෘත ශරීරයකින් අපවිත්‍රවී ඒ දවසේ පාස්කුව පවත්වන්ට නොහැකිවූ සමහර මනුෂ්‍යයෝ එහි සිටියෝය. ඒ මනුෂ්‍යයෝ ඒ දවසේදී මෝසෙස් සහ ආරොන් ඉදිරියට අවුත් කථාකොට: