ඔහු තමාගේ කැපවී සිටීමේ සියලු දවස්වල මදේ පටන් ලෙල්ල දක්වා මුද්‍රික වැළෙන් සාදන කිසි දෙයක් නොකා සිටියයුතුය.
තමා විසින් සපයා දිය හැකි දෙය හැර තමාගේ කැපවීම ගැන ස්වාමීන්වහන්සේට පූජාවක් කරන හැටියට භාරයක් වෙන්නාවූ නසරීයයා ගැන තිබෙන ව්‍යවස්ථාව මේය. ඔහු වෙන්නාවූ භාරය ලෙස තමාගේ කැපවීමේ ව්‍යවස්ථාව ප්‍රකාර ඔහු විසින් කළ යුතුමයයි කීසේක.
ඔහු මුද්‍රිකපානයෙන්ද මද්‍යපානයෙන්ද වැලකී සිටිය යුතුය; ඔහු මුද්‍රික කාඩිවත් මද්‍යපාන කාඩිවත් නොබිව යුතුය, මුද්‍රික ඵලවලින් සාදන කිසි බීමක්ද නොබිව යුතුය, අමු මුද්‍රික ඵල හෝ වේළුණ මුද්‍රික ඵල හෝ නොකෑ යුතුය.
ඔහු තමාගේ කැපව සිටීමේ භාරයේ සියලු දවස්වල ඔහුගේ හිසෙහි කිසි දැළි පිහියක් නොතිබිය යුතුය. ඔහු ස්වාමීන්වහන්සේට වෙන්ව සිටින දවස් සම්පූර්ණවන තෙක් ශුද්ධව සිටින්නේය, තමාගේ හිසකේ වැඩෙන්ට හරින්නේය.
මුද්‍රිකවැලෙන් උපදින කිසිවක් ඈ නොකා, මුද්‍රිකපානයවත් සැර බීමවත් නොබී, අපවිත්‍ර කිසි දෙයක් නොකා සිටීවා; මා විසින් ඈට අණකළ සියල්ල ඈ පවත්වාවයි කීය.