Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගණන් කථාව 6:14

Sinhala Revised Old Version

තමාගේ පූජාව වන දවන පූජාවක් පිණිස කැලල් නැති එක් අවුරුදු බැටළුපැටවෙකුද පාප පූජාවක් පිණිස කැලල් නැති එක් අවුරුදු බැටළුවැස්සියෙකුද ශාන්ති පූජා පිණිස කැලල් නැති බැටළුවෙකුද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

12 හුවමාරු යොමු  

තවද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන ලෙවීවරුන්ට දෙවියන්වහන්සේ පිහිටවූ කල ඔව්හු ගොන් හත්දෙනෙක්ද බැටළුවන් හත්දෙනෙක්ද පූජාකළෝය.

බැටළුවන්ගේ සුවඳ දුම් සහිතව, තර සතුන් දවන පූජාවන් කොට ඔබට පුදන්නෙමි; ගොනුන්ද එළුවන් සමඟ පූජාකරන්නෙමි.

අටවෙනි දවසේදී ඔහු කැලලක් නැති බැටළු වස්සන් දෙදෙනෙක්ද කැලලක් නැති අවුරුද්දක බැටළු වැස්සියෙක්ද තෙල් මිශ්‍රවූ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් තුන් කොටසක්ද තෙල් හුණ්ඩුවක්ද ගෙනේවා.

ස්වාමීන්වහන්සේට ශාන්ති පූජාවක් පිණිස ඔහුගේ පූජාව එළු රැළෙන් හෝ බැටළු රැළෙන් නම් ඔහු කැලල් නැති පිරිමි සතෙකු හෝ ගෑනු සතෙකු හෝ පූජාකළ යුතුය.

පොදු සෙනඟගෙන් කිසිවෙක් නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ අණකළ දේවලින් යමක් නොදැනුවත්ව කිරීමෙන් වැරදිකාරයෙක් වී නම්,

ඉදින් ඔහු පාප පූජාවක් පිණිස බැටළු පැටවෙකු ගෙනෙන්නේනම් කැලල් නැති ගෑනු සතෙකු ගෙනේවා.

එක්කෙනෙක් වැරදිල්ලකින් පව්කරන්නේනම් ඔහු පාප පූජාවක් පිණිස එක් අවුරුදු එළුදෙනකු පූජා කරාවා.

කැලලක්වත් පලුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනිවූ කිස්තුස්වහන්සේගේ අනර්ඝ ලෙය කරණකොටගෙන බව නුඹලා දන්නහුය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්